IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ

(අංජුල මහික වීරරත්න)

කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

ජනාධිපතිතුමා දැන් ගම්වල චන්ඩි වගේ ස්ටේජ් වලට ඇවිත් චන්ඩි ටෝක් දාන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.

"ඒ චන්ඩි ටෝක් දාලා නම් හරියන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමාට වැඩිය ලොකු චණ්ඩියෙක්නෙ ගෝඨාභය.අන්තිමට මොකද වුනේ. කෙලව ගත්තනේ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් එයාට තවත් සීයට දහයක් ඡන්ද නැති වුණා.

මේ රටේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතක් තියෙනවා.මුලින්ම ජනාධිපතිතුමා සභා හදන විදිය ගැන ඒ ආඥා පනත කියවන්න ඕන.කටේ හයියෙන් චන්ඩි කතා වලින් පළාත් පාලන ආයතන වල සභා පිහිටුවන්න බෑ.

ජනාධිපතිතුමාට ලැබුණේ නීතියේ ආධිපත්‍ය, සිස්ටම් එක හදන්න ජනවරමක්.අද ඒ නීතියේ ආධිපත්‍යයට, ජන වරමට ජනාධිපතිතුමා පස්ස හරවලා තියෙන්නේ.ඒක ගැන කිසිම තැකීමක් නෑ යනුවෙන්ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන්  මහතා කීය.



අදහස් (5)

කටේ හයිය තිබුණට පුංචි ආණ්ඩු වල බලේ පිහිටු වන්න බෑ

NuwanS Friday, 16 May 2025 04:37 PM

යකෝ, බලය පිහිටුවනවා කියන්නේ තම තමන්ගේ පක්ෂයේ හෝ පක්ෂ එකතුවෙලා ආන්ඩු බලය පෙන්නන එක නෙමෙයි. ජනතාවට, රටට සේවයක් කරන්නේ කොහොමද කියලා ක්‍රියා මාර්ගයක් ගන්න එකටයි. ඔබලාගේ කට වාචාල අහන්න මිනිස්සු සූදානම් නෑ. මේ කිසිම පක්ෂයකට නැතිව කියන්නේ. ඔබලාට මිනිස්සු සෑහෙන කල් දුන්නා. බම්බුවද කලේ...? ආපු අයටත් ටිකක් කරන්න දීපල්ලා. ඔබලා කර දේම කළොත්, ඒක ජනතාව හැටියට විසඳන හැටිත් අපි දන්නවා. මොකද ඒකට අපිටත් දැන් පලපුරුද්ද තියෙනවා.

:       4       23

ගමේ එකාලා Friday, 16 May 2025 06:12 PM

පුන්චි ආණ්ඩුවල බලය අල්ලන්න කලින් අසමගි ජන බලවේගයේ තියෙන ප්‍රශ්න ගැන බැලුවා නම් හොඳ නැද්ද? පක්ෂයවත් හරියට කරගන්න බැරි අය බලය අල්ලන්න හදනවා...!

:       1       16

NPP Friday, 16 May 2025 06:14 PM

නුවන් ඔබගේ අදහසට මමත් එකඟයි. මොකද අපි පුදුම දුකක් වින්දේ මොවුන්ට ඡන්දේ දීලා. අවුරුදු ගණන් පිටරටවල දුක්විඳින්න සිදුවුණා. මේ අය මොකද කලේ, කරපු එකම දේ ජාතිවාදය ඇතිකරලා රට නන්නත්තාර කරලා, පුළුවන් තරම් හොරාකාලා, ඒ ගොල්ලො සැපවින්දා... දැන් සැප අඩුවෙනකොට කෑගහනවා. මොවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනෑ.

:       3       16

NuwanSSaturday, 17 May 2025 02:56 AM

අවාසනාවකට අපේ මිනිස්සු දේශපාලනිකව අන්ධයි, එහෙමත් නැත්නම් ලදරුයි. බඩගෝස්තරේ පිරෙනවා නම්, පුද්ගලික දේවල් ඉෂ්ඨ කරගන්න පුළුවනි නම්, ඒ පැත්තට හෝයියා. මමත් පිටරට දුක් විඳින කෙනෙක්... පහුගිය කාලේ ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් පටන් අරගෙන ළමයි 50කට විතර රස්සාවල් දීලා... ඒත් කිසිම දෙයක් කරන්න බැරිවුණා. කරුමෙ කියන්නේ වැඩ කරන්න ආපු අයටත් ඕනෑ වුනේ කොහොම හරි මාසේ පඩිය ගන්න විතරයි. ඊට අමතරව කුඩු ගහන්න බඩුත් හොරකම් කළා. ඔක්කෝම නැති වුණා. ලංකාව හදන්න ඉන්න අය බහුතරයක් කෝවේ දාලා මකන වෙයි. ලේසි නෑ රට හදනවා කියන එක...

:       1       3

Cisco Saturday, 17 May 2025 09:05 PM

ඔබලාගේ නගරාධිපති අපේක්ෂකයාත් කොට්ටාශයෙන් පරාදයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24770 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site