
(අංජුල මහික වීරරත්න)
කටේ හයියෙන් චන්ඩි කතාවලින් පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන්නට බැරි බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
ජනාධිපතිතුමා දැන් ගම්වල චන්ඩි වගේ ස්ටේජ් වලට ඇවිත් චන්ඩි ටෝක් දාන බවද මුජිබුර් රහුමාන් මහතා කීය.
"ඒ චන්ඩි ටෝක් දාලා නම් හරියන්නෙ නෑ. මොකද ජනාධිපතිතුමාට වැඩිය ලොකු චණ්ඩියෙක්නෙ ගෝඨාභය.අන්තිමට මොකද වුනේ. කෙලව ගත්තනේ.ජනාධිපතිතුමාගේ මේ කතාවෙන් එයාට තවත් සීයට දහයක් ඡන්ද නැති වුණා.
මේ රටේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතක් තියෙනවා.මුලින්ම ජනාධිපතිතුමා සභා හදන විදිය ගැන ඒ ආඥා පනත කියවන්න ඕන.කටේ හයියෙන් චන්ඩි කතා වලින් පළාත් පාලන ආයතන වල සභා පිහිටුවන්න බෑ.
ජනාධිපතිතුමාට ලැබුණේ නීතියේ ආධිපත්‍ය, සිස්ටම් එක හදන්න ජනවරමක්.අද ඒ නීතියේ ආධිපත්‍යයට, ජන වරමට ජනාධිපතිතුමා පස්ස හරවලා තියෙන්නේ.ඒක ගැන කිසිම තැකීමක් නෑ යනුවෙන්ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ, බලය පිහිටුවනවා කියන්නේ තම තමන්ගේ පක්ෂයේ හෝ පක්ෂ එකතුවෙලා ආන්ඩු බලය පෙන්නන එක නෙමෙයි. ජනතාවට, රටට සේවයක් කරන්නේ කොහොමද කියලා ක්‍රියා මාර්ගයක් ගන්න එකටයි. ඔබලාගේ කට වාචාල අහන්න මිනිස්සු සූදානම් නෑ. මේ කිසිම පක්ෂයකට නැතිව කියන්නේ. ඔබලාට මිනිස්සු සෑහෙන කල් දුන්නා. බම්බුවද කලේ...? ආපු අයටත් ටිකක් කරන්න දීපල්ලා. ඔබලා කර දේම කළොත්, ඒක ජනතාව හැටියට විසඳන හැටිත් අපි දන්නවා. මොකද ඒකට අපිටත් දැන් පලපුරුද්ද තියෙනවා.
පුන්චි ආණ්ඩුවල බලය අල්ලන්න කලින් අසමගි ජන බලවේගයේ තියෙන ප්‍රශ්න ගැන බැලුවා නම් හොඳ නැද්ද? පක්ෂයවත් හරියට කරගන්න බැරි අය බලය අල්ලන්න හදනවා...!
නුවන් ඔබගේ අදහසට මමත් එකඟයි. මොකද අපි පුදුම දුකක් වින්දේ මොවුන්ට ඡන්දේ දීලා. අවුරුදු ගණන් පිටරටවල දුක්විඳින්න සිදුවුණා. මේ අය මොකද කලේ, කරපු එකම දේ ජාතිවාදය ඇතිකරලා රට නන්නත්තාර කරලා, පුළුවන් තරම් හොරාකාලා, ඒ ගොල්ලො සැපවින්දා... දැන් සැප අඩුවෙනකොට කෑගහනවා. මොවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕනෑ.
ඔබලාගේ නගරාධිපති අපේක්ෂකයාත් කොට්ටාශයෙන් පරාදයි නේද?