IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මෙරටට භාවිතා කිරීම තහනම් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත්   නීති විරෝධී කෘමිනාශක තොගයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය සම්මට්ටිවාඩිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ සගවා අත්අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මාර්ගයෙන් ධිවර යාත්‍රා උපයෝගි කර ගනිමින් මෙරටට රැගෙන විත් තිබු විවිධ වර්ගයෙ තහනම් කෘමිනාශක පැකට් 38000 ක් හා කෘමිනාශක බෝතල් 3500 කට අධීක ප්‍රමාණයක් බව වැටලීමට එක්වු කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයෙ නිළධාරීන් පවසයි.

ලැබුණ තොරතුරකට අනුව ආවේක්ෂණ නිළධාරීන් යොදවා කරන ලද සෝදිසියකින් පසු අදාල අත් අඩංගුවට ගැනිම සිදුකර තිබුණි. අදාල නීති විරෝධි තහනම් කෘමීනාශක බෝතල හා පැකට් තොගය පල්ලිවාසල්තුරේ පොල් ඉඩමක සඟවා තිබියදී සොයා ගැනිමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.

අදාල ස්ථානය පොලිස් නිළධාරීන් වටලන අවස්ථාවේදි එම ස්ථානයේ සිටි සැකකරුවෙකු යතුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනිමට මේ වන විට අදාල කටයුතු කරමින් සිටින බව කියයි.

අත් අඩංගුවට ගැණුන  මෙම කෘමිනාශක බෝතල් හා පැකට් තොගය කටුනායක රේගු කාර්යාලයට භාර දීමට නියමිතව ඇති බව කියයි.

 

 



අදහස් (0)

කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site