
(රොෂාන් තුෂාර)
ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන "ෆූගෝ ඔලින්" (Fruugo oline) නැමැති නීති විරෝධී පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂක ධූරය දැරූ මනම්පිටියේ තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (30) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එරන්ද දිල්ෂාන් සමරජීව නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි .
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ සැරයෙන් ජයවීර හා පොලිස්කොස්තාපල් කරුණාතිලක මහත්වරුන් කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩාකාර සමාගමේ මාස පහක කාලයක් අධ්‍යක්ෂක ධූරය දරා ඇති සැකකරු රුපියල් ලක්ෂ 43ක් වැටුප් ලෙස ලබාගෙන ඇති බවය.එම කාලය තුළ සැකකරුගේ බැංකු ගිණුම් හරහා ජනතා මුදල්රුපියල් කෝටි 250කට අධික මුදලක් භාරගෙන වංචා කර ඇති බවත්,මොහු සමග කටයුතු කළ සෙසු අධ්‍යක්ෂකවරුන් හා ආයතනය හිමිකරුවන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්,කරුණු ඉදිරිපත් කළේය.
මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව සැකකාර අධ්‍යක්ෂකවරයා හෝ මෙම සමාගමේ අයිතිකරුවන් කවුද යන්න පිළිබඳව නොදන්නා බවත්,ඔවුන් ශ්‍රී ලාංකිකයෝද විදේශිකයෝද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවත් පැවසීය.
සැකකාර අධ්‍යක්ෂකවරයාට අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව ඔහු පිරිමිඩාකාර සමාගමන පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි ගණන් වංචා කළැයි පිරමීඩ සමාගමක අධ්‍යක්ෂක රිමාන්ඩ්