
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් තාවකාලිකව සේවයෙන ්ඉවත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය .
මෙම තත්වය " ගැලකට අධික ලෙස බර පැටවු විට , එම ගැලෙහි ගවයාට තවදුරටත් ඇදගෙන යා නොහැකි වූ විට , එම ගවයා එතැනම ඉද ගැනීමකට " සමාන බව ජනක විජයපතිරත්න පැවසීය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල සේවක හිගයක් පවතින බවත් , මේ වනවිට අත්දැකීම් සහිත පරිනත සේවකයින් විශාල වශයෙන් රට හැර ගොස් වෙනත් විදේශීය ගුවන් සේවාවන් සමග එක් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .
මේ නිසා තම වෘත්තීය සමිතිය මෙම ගැටළුවලට විසදුමක් ලෙස කඩිනමින් අත්දැකීම් සහිත පරිනත සේවකයින් ශ්‍රී ලන්කන් වෙත බදවා ගන්නා ලෙසත් , දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානාවලට ගැලපෙන පරිදි නව ගුවන් ගමන් කාළසටහනක් සකස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ජනක විජයපතිරත්න පැවසීය . එමගින් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් වලක්වා ගැනීමට හැකි බව ද හෙතෙම පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයින් පැමිණෙනුයේ ඔවුන්ගේ සතියක හෝ දෙකක නිවාඩුව ගතකර නැවත ආපසු යාමේදී ඔවුන්ට අවශ්‍ය නැවත වෙලාවට ඔවුන්ගේ රටට පැමිණීමට වේ. එයට හේතුව නම් ඔවුන් නැවත ඔවුන්ගේ රැකියාවන් වෙත යාමට අවශ්‍ය නිසාවෙනි. එමනිසා ඔවුන්ගේ කාලය ඔවුන්ට වටිනේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබීම නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනත් ගුවන් සේවා තෝරාගැනීමක් සහ නැවත ඔවුන් ලංකාවට පැමිණීම සිදු නොවීම අවසාන ප්‍රතිඵලය බවට පත්වීම වැළැක්වීමට බලධාරීන් නිසි අවශ්‍ය පියවර ගත යුතුවේ. මේ ආකාරයට ප්‍රමාද වීම සහ අවලංගු වීම සිදු වුවහොත් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීම වැළැක්විය නොහැකියි...!
ඕක තවදුරටත් මොනවාට තියාගෙන ඉන්නවාද? වීකුණලා දාලා ඉවර කරන්න...
ගුවන් සේවය කා දැමුවා...
සේවකයින් අලුතින් ගන්නවට වඩා හොඳයි ඕක විකුණලා දාන්න.
පණ්ඩිත කතා වැඩක් නැහැ අමාරුවෙන් හරි වැඩක් දීලා රටේ නම බේරා ගනිව් .සූරා කනකම් නිහඩව සිටි සැවොම ඉවත් විය යුතුය
ඔච්චර ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉද්දී ඕකේ සභාපති බුදිද ?
කවුරු කොහොම කිව්වත් දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගේ වෘත්තීය සමිති නිසා රටේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුවෙනවා. තමුන්ගෙ වෘත්තීය කටයුතු වලට වඩා දේශපාලන පක්ෂයේ කටයුතු කරන මිනිස්සු නිසා රටේ බංකොලොත් බව ඇතිවෙනවා එනිසා දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුය
හොඳ වැඩේ උඹලා වගේ කාලකණ්ණින්ට ගෑස් බහින්න.