
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව, රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංච් 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඊයේ උදෑසන 08.35ට වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02 ක් තුළ මෙම අති නවීනතම ජංගම දුරකථන 91 ක් සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම ජංගම දුරකථන තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (08) ඉදිරිපත් කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd