(කේ.එල්. චාමින්ද)
ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ තවලම ගමගේ ජනිත් චන්දුල (21) නැමති කුරුදුවත්ත, හපුගල ,වක්වැල්ල ප්‍ර දේශයේ පදිංචි තරුණයෙකි.
මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹිට ගොස් ඇත. මොහු ගාලුකොටුවේ පැරණි ප්‍රදිපාගාරය අසලදි කොටුපවුර මතින් ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බව පොලිසිය පවසයි.
මොහු කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන් දැක නොමැති බවද පොලිසිය පවසයි.
කොටුපවුර මතින් ඇද වැටි බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ඒවනවිටත් මෙම තරුණයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොටුපවුරෙන් වැටී තරුණයෙක් මරුට