
(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපොළ රේගුවේ පැමිණීමේ පර්යන්තයේ රුපියල් කෝටි 05 ක් වටිනා අති නවීනතම 'ස්කෑන් යන්ත්‍ර' (පරිලෝකන යන්ත්‍ර) දෙකක් අද (2) ස්ථාපිත කළේය.
මෙම යන්ත්‍ර දෙකෙන් දිනකට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් 20,000 කට තම ගමන් මලු වඩාත් කඩිනමින් නිශ්කාශනය කර රැගෙනයාමට හැකි වන අතර ශ්‍රී ලංකා රේගුවට මෙම යන්ත්‍ර දෙක ලැබීමත් සමඟ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අවස්ථාවද උදා වී තිබේ.
ජර්මනියේ නිෂ්පාදිත මෙම ස්කෑන් යන්ත්‍රවලින් ගුවන් මගීන් රැගෙන එන ගමන් මලු තුළ ඇති භාණ්ඩවල ත්‍රිමාන දර්ශන ලබා ගත හැකිවීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd