
(බී ජී චතුරංග)
කන්කසන්තරයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කළ මගීන් 700කට ආසන්න පිරිසක් අද අලුයම සිට අනුරාධපුර දුම්රිය ස්ථානයේ කොටුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
එම මගීන්ට පිසූ ආහාර සහ සනීපාරක්ෂක කටයුතු සපයමින් සිටින බව අනුරාධපුර නගරාධිපති එන්.කරුණාරත්න මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ එම දුම්රිය මගීන්ගේ සනීපාරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා අනුරාධපුර නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත, සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා සමග අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදීය.
පවතින ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය මගින් මෙන්ම විදෙස් සංචාරකයන් පිරිසක්ද අනුරාධපුර දුම්රිය ස්ථානයේ රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය සනීප ආරක්ෂක කටයුතු ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා සැපයීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබා දුන් බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
අවහිරතාවයට පත්ව ඇති මාර්ගවල ජලය බැස යාමෙන් අනතුරුව එම දුම්රිය මගින් බස් රථ මාර්ගයෙන් කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවද නගරාධිපතිවරයා පැවසීය.


2025 නොවැම්බර් මස 21
188
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1144
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොච්චියෙන් කොළඹ ආ 700ක් අ‘පුරේ කොටුවෙති