IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (26) පැවසීය.

කංසා වගාකිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ කමිටුව ආයෝජනය මණ්ඩලය යටතේ කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය දී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමරණුගම මහතා පැවසුවේ ආයෝජන මණ්ඩලය ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බවත්ය.

එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අයෝජකයන් සහ විශේෂඥායන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අනුව ප්‍රදේශයක් තෝරාගෙන ළඟදීම එය අත්හදා බලන බවත් අමාත්‍යවරයා කීය.

කංසා අපනයනය කිරීම සඳහා එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ආයෝජකයන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කළ බවත් එය රටට ඩොලර් එන මාර්ගයක් බවට පත්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

කංසා වගාකිරීමේ නියමු ව්‍යාපෘතියක්

sumith Saturday, 27 May 2023 06:28 AM

බලන්න දෙයක් නෑ. ඕක පහසුවෙන් හදන්න පුළුවන් ගහක්...

:       0       6

සිල්වා Saturday, 27 May 2023 07:02 AM

ලංකාවේ කංසා ගන්නේ කවුද? විකුණන්නේ කාටද? දැනට ලෝකේ රටවල් 3 කට පමණයි කංසා විකුණන්න පුළුවන් කුඩා මාර්කට් එකක් තියෙන්නේ..., දැනටමත් එකට රටවල් 156 අනුමැතිය අරගෙන මාර්කට් එකට තරඟ කරනවා ඕස්ට්‍රේලියාව... එංගලන්තේ, ජර්මනි, වගේ ප්‍රබල රටවලුත් එතැන් ඉන්නවා....

:       2       4

Kumara Saturday, 27 May 2023 08:02 AM

බහුතර බෞද්ධයන් ජීවත් වන, එමෙන්ම පවතින සිය ආගම්වලින් ප්‍රතික්ෂේප වුණු විශ මත්ද්‍රව්‍ය වගා කිරීමත්, වෙළඳාම් කිරීමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මේවා කරන්න බලය දුන්නේ කවුද? බුදුදහමට අනුව නොකළ යුතු වෙළඳාම් වලින් එකක් ඕක... වහාම නවත්වන්න. රටක අනාගතය විනාශ කරන්න එපා. කවුරු නැතත් මම පාරට බහිනවා. හැප්පිලා බලමු...

:       13       7

සුරංග Saturday, 27 May 2023 01:24 PM

බහුතරය බුදු දහම අදහනවා කිව්වාට ලංකාවේ කංසා වගාව තහනම් කරලා තියෙන්නේ එක්දහස් නවසිය හතලිස් ගණන්වල තමයි මේක ලංකාවේ වැව්වේ මත්ද්‍රව්‍ය ලෙසට නොවෙයි... දේශීය ඔසුවක් හැටියට තමයි අතීතයේ මිනිස්සු අහස උසට දාගැබ් හැදුවේ සාගර වගේ වැව් බැන්දේ යන්ත්‍ර සූත්‍ර වලින් නොවෙයි. යෝධයෝ වගේ මිනිස්සු ශක්තිමත් වෙලා හිටපු නිසා තමයි එහෙම ශක්තිමත් වෙන්න මෙම ඔසුව හේතුවක් වුණා. මම හිතන්නේ මේක ලංකාවේ වවන්නේ අමුද්‍රව්‍ය ලෙසට යවන්න නොවෙයි. දේශීය ඔසුවක් හැටියට ලෝකයට යවන්න කියලා...

:       0       4

Bunny Preena Saturday, 27 May 2023 10:55 AM

හෙට අනිද්දාට වෙනකොට හැමදේකටම විරුද්ධ වෙන උන්දැලා ආයෙත් රංචු පිටින් පාරට බැහැලාද දන්නේ නැහැ...

:       1       1

සසර Saturday, 27 May 2023 02:15 PM

නියමු ව්‍යාපෘති අලුතින් අහවල් එකටද? යාල කැලේ ඕනෑතරම් ඇති. තාත්තා දේශපාලනේ කළා. පුතා දේශපාලනය කළා. ලෝකේ 11 දුප්පත් රට. දිලුම් ඔයා අන්තිමටම ලංගම බස් එකක ගියේ කවදාද...?

:       0       3

Sunil Saturday, 27 May 2023 06:05 PM

මුදල් සෙවීමේ මුවාවෙන් මේ රජය කරන්නෙම මෙවන් නොහොබිනා ක්‍රියාවන් .සීගිරි ගලත් විකුණා කළුගල් වලට ,සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

:       0       0

පිනා Saturday, 27 May 2023 10:51 PM

දෙමවුපියනි ඔබට හා ඔබේ දරුවන්ට සැපේ ජීවත් වීමට අවශ්‍ය නම් වහ වහාම දේශපාලනේට එන්න. දරුවාද දේශපාලනේට යොමු කරන්න. උදාහරණ එමට...

:       0       0

Perera Sunday, 28 May 2023 04:39 AM

ඔය ගමන්ම හෙරොයින් හදන පොපි මල් වගාවත් පටන් ගමු .ඇෆ්ගනිස්තානය වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 360 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site