IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ

(අංජුල මහික වීරරත්න)

ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව  අල්ලස් කොමිසම නිසි  පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා මේ බව කීය.

මෙම නිරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වූයේ චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල ජාතික මට්ටමේ සේවා සපයන රෝහලක් ලෙස සේවා කටයුතු විධිමත් කිරීමට අදාළව  කරුණු සොයා බැලීම ය.

එම අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ අතරම වාට්ටු සංකීරණ ද සිය නිරීක්ෂණයට ලක් කරමින් රෝහල් පාලන අධිකාරිය ඇතුළු කාර්ය මණ්ඩල සමග වර්තමානයේ උද්ගතව ඇති ගැටළු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.

 රෝහලේ සම්පත් අපතේ නොයවා ප්‍රදේශයේ ජනතාවට ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුතු සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට විධිමත් සැලස්මක් යටතේ කටයුතු කළ යුතු බවත්, එමෙන්ම රෝහලේ සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට ක්‍රියාකරණ බවත් අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 177 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 55 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site