එස්කිමෝ ඔරුවක (කායැක්) නැගී, මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටි චිලී ජාතික තරුණයකු තල්මසකුගේ විසින් අත්වැරදීමකින් ගිල්ල බවත්, එසැණින් තරුණයා පිටතට දැමීමට තල්මසා කටයුතු කළ බවත් වාර්තා වේ.
මෙම තරුණයා මැගලන් සමුද්‍ර සන්ධියේ ඔරු පදිමින් සිටියේ පියා ද සමඟය. තරුණයා ඔරුව පිටින් තල්මසාගේ මුඛය තුළට යන අයුරුත්, තල්මසා පසුව තරුණයා සහ ඔරුව පිටතට දමන අයුරුත් එම වීඩියෝ දසුන්වල සටහන් වී ඇත.
එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
ඒය බිහිසුණු අත්දැකීමක් වූ බවත්, තල්මසාගේ මුඛය තුළය ගිය තමන්ට මරණ බිය දැනුණු බවත් 24 හැවිරිදි ඒඩ්‍රියන් සිමන්කාස් නමැති එම තරුණයා පවසා ඇත.
එම අවස්ථාවේදී මුහුදේ පිහිනමින් සිටි කුඩා මාළු රංචු ගිලිමින් සිටි යෝධ තල්මසා ඒඩ්‍රියන් සිමන්කාස් සහ කුඩා ඔරුව මුඛයට ගත්තේ අත්වැරදීමකිනි.
එස්කිමෝ ඔරුවක (කායැක්) යනු තනි පුද්ගලයකු හබල් ගාන කුඩා ඔරුවකි. මෙම ඔරු එක්ස්කිමෝවරුන් විසින් බහුලව භාවිතයට ගනී. එහෙයින් එස්කිමෝ ඔරු යනුවෙන් ද මේවා හැඳින්වෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඔරු පදිමින් සිටි තරුණයා ගිලලා
Ahmed (Gulf) Friday, 14 February 2025 11:59 PM
ජෝනාගේ සහෝදරයා...!
Magalan kumara Saturday, 15 February 2025 12:23 PM
බෝට්ටුන නිසා කොල්ලා බේරුණා.