(නිමන්ති රණසිංහ)

පොලිස්පති ඞී. සී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශ බාර තනතුරින් සහ එහි රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූයේ, පොලීසිය ප‍්‍රතිව්‍යවගත කිරීමේ වැඩපිළිවෙළට අනුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.

නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මියට ඉදිරියේදී නව තනතුරකට පත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

නියෝජ්‍ය පෙලිස්පතිනියගේ මෙම ස්ථාන මාරු කිරීමත් සමඟ පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශයට අනුයුක්තව සේවය කළ සෙසු පොලිස් නිලධාරින් වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ සේවයට වාර්තා කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.