
(අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය,මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සටහන සැලකිල්ලට ගනිමින්, දැනට හඳුනාගනු ලැබ ඇති සංශෝධන සහ මහජන අදහස් විමසීමෙන් අනතුරුව හඳුනාගනු ලබන සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ සභාපතිත්වය යටතේ අදාළ සියලු අංශ නියෝජනය කරමින් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන අදහස් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, ජනතාව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යෙයන් සාඳහන් කරන්නේ නම් මැනවි.