
(අංජුල මහික වීරරත්න)
බැංකු කැඩු අය, ඕස්ට්‍රේලියාවේ සුද්දන් රවටා වංචා කළ අය, ඉන්ධන වලින් වංචා කළ අය ඔක්කොම දැන් එකතු වී තිබෙන්නේ ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂණ සහ දඬුවම් නතර කර ගැනීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය වැල්වැටිතුරේදී අද (31)පැවසීය.
කවුරු එකතු වුනත් දූෂිතයන්ට දඬුවම් දීම නතර කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා උඩ සිටින අය එකතු වුනාට යට ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව පැවසීය.
ජනතාව ආණ්ඩුව සමග සිටින තුරු එම එකතුවීම් සාර්ථක වන්නේ නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යාපනයේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සියලු ජාති ආගම් සංස්කෘතීන් එකතු කරගෙන සමරන ජාතියේ මහා මංගල්‍යයක් ඔක්තෝම්බර් මාසයේදී සංවිධාන කර තිබෙන බවයි.
එම ජාතියේ මහා මංගල්‍යය පිළිබඳ අයවැය ලේඛනයටද ඇතුළත් කර තිබෙන බව කී ජනාධිපතිවරයා මෙතෙක් ජාතික, ආගමික, සංස්කෘතික උත්සව වෙන වෙනම සැමරුවත් ශ්‍රී ලාංකික ජාතියම එකට සමරන උත්සවයක් නොතිබූ හෙයින් ඔක්තෝම්බර් මාසයේදී සියලු දෙනා එක්ව එම මහා මංගල්‍යය සමරන බව සඳහන් කළේය.
සියලු ජාතීන්ගේ සංස්කෘතිය, ආගම, ජාතිකත්වය , ආහාර රටා ,ජීවන රටා ,සංගීත, නාට්‍ය, කාව්‍ය ආදී සියලු දෑ එම ජාතික උත්සවයේදී සමරනු ලබන බවද ජනාධිපතිවරයා කීය.
කන්කසන්තුරය, පරාන්තන්,සහ මාන්කුලම් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ අලුත් කර්මාන්ත පුර තුනක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කීය.ඒවායේ ආයෝජනය කරන්නැයි විදෙස් ගත ලාංකිකයන්ට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරියට වැඩ කෙරුවොත් දෙවියොත් නමට වඳියි... මේ හොර නඩේ රැවැට්ටුවා... නොගිය පන්සලක් නැහැ. දේවාලයක් නැහැ. ඒත් මදි ඉන්දියාවටත් ගියා. දෙවියෝ වඳින්න ඒ තරම් බයයි.. හොරකම් කරපුවා මතක් වෙනකොට දැන් තමයි දෙවියෝ ඕන වේලාව... දැන් නඩේට ඒවාට යන්න බයයි. ජනතාව ගැවසෙනවා සිකුරිටි නැහැ. ඉල්ලම් කන්න වෙන නිසා ජනාධිපති ගොඩාක් එඩිතරයි... තරුණයි, නාකි නඩේට උපරිම දඩුවම් දෙන්න ජනතාවට දුන්නු ගින්දර වලට ජනාධිපති අර මුදල් හොරා කාපු අයට මෙඩිකල් රිපොට් ඉල්ලන්න නැතිනම් හිරේ දාන්න දුප්පතුන්ගේ මුදල් වන්චාවෙන් ගත්තාට මේ කට්ටිය එකට එකතුවෙලා පෙල පාලි යන්න ලෑස්ති වෙයි... කඳුලු ගෑස් ලෑස්ති කරගෙන ඉන්න මිශ්‍රණය සැරට හදලා සියලුම තරුණයින් ලන්කර ගන්න පාතාලය ළංකර ගන්න එපා. ඒ අයට ලැයිසන් දෙන්න ලන්කාවට කුඩු එවන අයව අල්ලන්න හොරාව අල්ලන්න පුළුවන් හොරාටම තමයි.. හොර නඩේට ඔලුව උස්සන්න දෙන්නම එපා. ජනතාවට සහන දෙන්න වැඩිහිටියන්ට විශේෂ දීමනා දෙන්න තරුණයින්ට මොනම හෝ රැකියාවක් දැනුම හැටියට ලබා දෙන්න බැංකුණය දෙන්න ඉගෙන ගන්න මෙපමන කාලයක් නඩේගෙ මන්ද බුද්ධික පුත්තු බැංකු ණය නෙමේ ගත්තේ.. බැන්කු හොරා කෑවා අසරණ තරුණයින්...!
රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ඔබ සහ ඔබගේ රජය කරගෙන යන වැඩ කොටස අනුමත කරනවා. ඒ වැඩ ඉදිරියටම කරගෙන යන්න.
ඔව්, ඔව්... මාර දරුණු දඬුවම් ගොඩක් මෙයාලා දීලා තියෙන්නේ. අනේ තවත් පච කියන්න එපා. ඔක්කොම යනවා එනවා. සාදෙ විතරයි.
ඉතින් මොකෝ? එයාලා එකතුවෙනවට ඇයි කලබල වෙලා? ඔක්කෝටම කලින් ඔබතුමාගේ චෝදනා වල ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ. කෝ අර ෆයිල් 400?
වෙන මනුස්සයෙකුට නම් බොරු කියලා කවදා හරි දවසක බොරු ඉවර වෙනවනේ. ඒකට මෙයා... කවදාවත් ඉවර වෙන්නේ නෑ.
එළ... සහෝදරතුමා එළ...
ලකී, බොරුම අහල ඇත්ත කියන අය සත්‍ය හෙලි කරන අය වැරැදි විදියටමයි පේන්නේ. ඒක ජානගත රෝගයක්, කලින් ඔය ලෙඩ්ඩු ගොඩක් හිටියා. දැන් එකා දෙන්නා තමයි ඉන්නේ. තමනුත් ඒ වර්ගයේ...!
වැරැදි කරලා තියෙනවා නම් ආයේ එකතු වුණා කියලා ඒ වැරැදි නිවැරැදි වෙන්නේ නැහැනේ. ඒ නිසා කයිවාරු දැන්වත් අඩු කරලා බොරු නවත්තලා රටට සේවයක් කරන්න බලන්න. යන යන තැන කෙඳිරි ගානවා මිනිස්සුන්ට...
සෙනෙවිරත්න, ඔය ඔයාගේ පාඩුවේ හෝදගෙන ඉන්න. ලොරි ටෝක් දෙන්න එපා. ඔය වගේ වහලෙකුට තමයි බොරුව ජානගත වෙලා තියෙන්නේ. සට්ටම්ඹියා...
සෙනෙවිරත්න, ටිකක් කල්පනා කරලා බලන්න.. කියලා කිව්වේ කවුද කියලා... මතක නැහැ නේද? නිකන් උම්බෑ කියන්න එපා.
හිටපු බලලෝබී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන් රටට කරපු විනාසේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එකට එකතු වෙන්නේත් එහෙම අය තමයි..
මට පේන්නේ මෙයා කලබල වෙලා
තවත් බයිලා කියව කියව ඉන්නේ නතිව හොරු අල්ලුවනම් නේද හොද. අනේ මන්දා මේ පච බෝරිස්
මෙයා දැනට නම් දඬුවම් දීලා තියෙන්නේ ජනතාවට විතරයි.