IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඓතිහාසික මුල්ලේරියා සටන කළ භූමිය සංවර්ධනයට

(අංජුල මහික වීරරත්න)

1562 වසරේ දී ඓතිහාසික මුල්ලේරියා සටන සිදු වූ "මුල්ලේරියා වෙල්‍ යාය" පිහිටි  ප්‍රදේශය පෞරාණික බව රැකෙන  පරිදි සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. 

මේ වන විට මුල්ලේරියා සටන සිදුවී වසර 463ක් ගතවී තිබේ.

එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් වරින් වර විවිධ අවිධිමත් ව්‍යාපෘති  ක්‍රියාත්මක වී තිබුනත් එම ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වන පරිදි හා ජනතාවට සේවයක් සැලසෙන පරිදි ව්‍යාපෘති සිදුව නොමැති බව නිරීක්ෂණය වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

මෙහි මුල් භූමිය අක්කර 700කට වඩා පැවති බව  වාර්තාවල සඳහන් වන නමුත් මෑත කාලයේ කරන ලද අවසන් මැනුම් කටයුතු අනුව එම භූමි ප්‍රමාණය  අක්කර 150ක් දක්වා අඩුවී ඇතැයි වාර්තා වේ. 

ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව මෙම මුල්ලේරියාව වෙල් යාය ප්‍රදේශය නැවත මැනුම් කටයුතු කිරීමට තීරණය කර තිබේ. 

එමෙන්ම එම ප්‍රදේශය ජනතාවට උපයෝජනය වන ආකාරයට සංවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුව තිබේ. 

ඒ අනුව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි පරණවිතාන, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා  මහත්වරුන් අද (27) මුල්ලේරියාව වෙල් යාය ප්‍රදේශයේ නිරීක්ෂණයකට සහභාගී වූහ. 

නුදුරේදීම මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ආරම්භ වීමට නියමිත බවත්, මෙම ප්‍රදේශයේ ඓතිහාසික බව සුරැකෙන පරිදි එම සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවත්, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේය. 

1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුගීසි හමුදා සහ ටිකිරි කුමාරයා (රාසිං දෙවියන්) හෙවත් මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර කුමරුගේ නායකත්වයෙන් යුත් සීතාවක හමුදාව අතර මෙම මුල්ලේරියා සටන ඇති වූ බව ඓතිහාසික කතා සඳහන් කරයි.

එම ගැටුමෙන් මුල්ලේරියා වෙල්යායෙහි වතුර ලේ පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ කියැවෙයි.



අදහස් (0)

ඓතිහාසික මුල්ලේරියා සටන කළ භූමිය සංවර්ධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site