IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

(අමිල චින්තක ගමගේ)

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැවැසීය.

හෙතෙම එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) වාර්ෂිකව සංවිධාන කරන වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයාට පිරිනැමෙන ඉංජිනේරු (ආචාර්ය) ඒ.සී. විශ්වලිංගම් සම්මානයේ නිල එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි විමලසුරේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒ.සී. විශ්වලිංගම් මහතා මෙසේ ද කීය.

“මෙම සම්මානය ප්‍රදානය කිරීමට අවස්ථාව සලසා දීම ගැන ඉංජිනේරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මෙරට වෘත්තීය ඉංජිනේරුවරුන් සඳහා වන ප්‍රමුඛතම ආයතනයක්. තම සාමාජිකයන් වෙනුවෙන් අවංකභාවයෙන් යුතුව රාජකාරි කරන ආයතනයක්. අපේ අරමුණ යාවත්කාලීන ඉංජිනේරුවන් හඳුනා ගැනීමට උත්සාහ දැරීමක්.

මෙම සම්මානයෙන් ආදර්ශමත් කැපවීමක් ඇති ආචාරධර්ම භාවිතයෙන් පිළිපදින විශිෂ්ට ඉංජිනේරුවරයකු ඇගයීමට ලක් කරනවා. ඉංජිනේරුවරයකුත් රාජකාරි කළ යුත්තේ සම්මාන හෝ ත්‍යාග දිනා ගැනීමට නොවෙයි.”

මෙහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති, ඉංජිනේරු ප්‍රියල් දි සිල්වා මහතා සඳහන් කළේ, වසරේ විශිෂ්ටතම ඉංජිනේරුවරයා වෙනුවෙන් ප්‍රදානය කරන ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය ඉංජිනේරුවරයකු නොව තමන්ගේ දැනුම කුසලතා සහ හැකියාවන් ඉහළම ස්ථානයට ළඟා වූ ආදර්ශමත් ඉංජිනේරුවරයකු බවයි.

ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා ද අදහස් දැක්වීය.

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය සමග ආකර්ෂණීය ත්‍යාග මුදලක් සහ පදක්කම් පිරිනැමෙන අතර, සම්මානයට අයැදුම් කිරීමට කැමැති ඉංජිනේරුවන් සඳහා මැයි 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. සම්මාන සඳහා වන අයැදුම්පත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි 120/15, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයෙන් හෝ www.iesl.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

සම්මාන උළෙල පිළිබඳව ඉකුත් දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පිරිස සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

වමේ සිට - ඉංජිනේරු නීල් අබේසේකර, ඉංජිනේරු ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඉංජිනේරු ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, ඉංජිනේරු ආයතනයේ සභාපති, ඉංජිනේරු, මහාචාර්ය රංජිත් දිසානායක, ඉංජිනේරු, ආචාර්ය ඒ.සී. විශ්වලිංගම්, ඉංජිනේරු ලලිත් කහටපිටිය, ඉංජිනේරු පියල් ද සිල්වා යන මහත්වරු මෙහි සිටි

 



අදහස් (0)

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බියගමට රෝහල් දෙකක්
2024 මැයි මස 29 51 0

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
2024 මැයි මස 29 200 0

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් ම



මන්ත්‍රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක්
2024 මැයි මස 29 136 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන


නූතන පටාචාරාවක් කැබිතිගොල්ලෑවෙන්
2024 මැයි මස 29 1559 0

මගේ නිවෙසේ විදුලිය මාස හතරකට කලින් කැපුවා. සති තුනකට කලින් වතුරත් කැපුවා. කුලි කැඩ කර අප රැක බලාගත් සැමියා අනතුරකින් දින හතරකට පෙර මිය ගියා. අපි දැන් අපා


අමුණගම, දිලිත් අතහැර ගෙදර යයි
2024 මැයි මස 28 2122 0

හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 998 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2559 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2190 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site