
(යොහාන් භාසුර)
සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220 ක පිටකොටුව ප්‍රදේශයේ අද (28) පස්වරුවේ පැවතුණි. කුඩාම ප්‍රමාණයේ පොල් ගොඩියක් රුපියල් 180 සිට 210 ක මිලක පැවැති අතර ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 250 ත් 270 ත් අතර මිලක පැවතුණි.
පොල් සිල්ලර වෙළදුන් පැවසුවේ තොග වෙළෙදුන්ගෙන් පොල් ගෙඩියක් රුපියල් 190 ක මිලට ගෙන 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බවයි.
පොල් ගෙඩි 250 ක් පමණ එකක් රුපියල් 190 බැගින් ලබාගත් පසු ගොඩි 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක දෝෂ ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කී සිල්ලර වෙළෙන්දෙක් ඒ පිළිබඳව අවදානය යොමු කිරීමේදී පොල් අළෙවි කිරීම අභියෝගයක් වී ඇති බවත්ය. පිටකොටුව ප්‍රදේශයේදී පොල් පාරිභෝගිකයෙක් පැවසුවේ රුපියල් දහසකට පොල්ගොඩි හතරක් පමණක් මිලදී ගතහැකි බවත් මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවත්ය.
පොල් මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වීම නිසා අඩු ආදායමම් ලාභී ජනතාව අධික මිලත් සමඟ දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී එම පාරිභෝගිකයා තව දුරටත් පොල් මිල ඉහළ ගියහොත් පොල් නොමැතිව ආහාර පිසීමට සිදුවනු ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුවේ රාජපක්ශ වෛරයෙන් අපිව රවටන්නත් බෑ, අපේ බඩගින්න නිවන්නත් බෑ. අද හෙටම ආණ්ඩුවට එලොව පොල් පෙනෙන දවසක් ඒවි. එදාට ප්‍රමාද වැඩිවේවි
සිංහල සහ හින්දු අළුත් අවුරුදු අත ළග එන මෙ මොහොතේ, චාරිත්‍රානුකූල කිරිබත් පිලියෙල කිරීමට සහල් නැත ... ලුණු නැත ... දැන් එලොව පොල් පෙනෙන තරමටම පොල් මිලත් ඉහළ ගොස් ඇත ... "දැන් ඔබට ෂැපද" කියා පාර්ලිමේන්තුවේදී අහන්න නාකි මයිනාත් එහි නැත. අළුත් අවුරුදු නැකැත් වෙලාවේ කෑමට කිරිබත් අහොසි කලෙ ඇමතිවරයාගේ "පොල් සුරැකීමේ" නියොගයක් මතද කියා අහන්න මාළිමාවට ජන්දය දුන් අයට අහන්න සාධාරණ අයිතියක් තිබෙනවා...
පසුගිය අවුරුදු 2k ඇතුලත සියලුම භාණ්ඩ වල මිල 300% සිට 400% දක්වා ඉහළ දැම්මා ,,හැබැයි දේශීය නිෂ්පාදන වල කිසිම වැඩි වීමක් උනේ නෑ ,අපේ ගොවියා තවත් දුප්පත් වුණා ,,දැන් තමයි නියම මිල ඇවිල්ල තියෙන්නේ දේශීය නිෂ්පාදන වලට
ඇවිල්ලා ඇවිල්ලා මාලිමා පුනරුදය ඇවිල්ලා. ජෙබයියෝ බත් කන්නේ නැති හින්දා හාල් පොල් ගාන ගියාට කමක් නැහැ.
හාල් නැ. පෝල් ගන්න බැ . පඩිය 2019 පස්සේ වැඩි වෙලා නැ. බයිල අහල එපා වෙිලා. සිංහලයින්ට අබ සරනයි
රට හදනව නම් අපි පොල් නැතුව උනත් කන්නම්.
තව දෙතුන් දෙනෙක් බොරුවට ඇතුළට දාලා ගව සම්පත චූන් කරපුවාම මේ ඔක්කොම ප්‍රශ්න අමතකයි
පොල් මිල ඉහළ යාම කව්රු මොනවා කිව්වත් මූලික හේතුව රිලවුන් නිසා තමයි මොකද අපි කඩෙන් පොල් ගන්නේ නැතුව හිටියා දෑන් ගන්න වෙලා තියෙන්නේ අපේ පොල් ගස් වල පොල් මල් කනව පොල් ඇට්ටි කනව පොල් විතරක් නෙවෙයි කෙසෙල් වගාව ද ගස්ලබු කොස් ගස් වල සියලු පළ කනව මම නුවර තෙල්දෙණිය මෙකට එකම රිලවුන් ටික අයින් කරන්න