IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


එළොව පොල් පෙනෙන කොටුවේ පොල් මිල

(යොහාන් භාසුර)

සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220 ක පිටකොටුව ප්‍රදේශයේ අද (28) පස්වරුවේ පැවතුණි. කුඩාම ප්‍රමාණයේ පොල් ගොඩියක් රුපියල් 180 සිට 210 ක මිලක පැවැති අතර ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 250 ත් 270 ත් අතර මිලක පැවතුණි.

පොල් සිල්ලර වෙළදුන් පැවසුවේ තොග වෙළෙදුන්ගෙන් පොල් ගෙඩියක් රුපියල් 190 ක මිලට ගෙන 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බවයි.

පොල් ගෙඩි 250 ක් පමණ එකක් රුපියල් 190 බැගින් ලබාගත් පසු ගොඩි 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක දෝෂ ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කී සිල්ලර වෙළෙන්දෙක් ඒ පිළිබඳව අවදානය යොමු කිරීමේදී පොල් අළෙවි කිරීම අභියෝගයක් වී ඇති බවත්ය. පිටකොටුව ප්‍රදේශයේදී පොල් පාරිභෝගිකයෙක් පැවසුවේ රුපියල් දහසකට පොල්ගොඩි හතරක් පමණක් මිලදී ගතහැකි බවත් මෙම තත්වයට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් වියයුතු බවත්ය.

පොල් මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වීම නිසා අඩු ආදායමම් ලාභී ජනතාව අධික මිලත් සමඟ දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී එම පාරිභෝගිකයා තව දුරටත් පොල් මිල ඉහළ ගියහොත් පොල් නොමැතිව ආහාර පිසීමට සිදුවනු ඇති බව ද සඳහන් කළේය.

 



අදහස් (8)

එළොව පොල් පෙනෙන කොටුවේ පොල් මිල

අරුණී Tuesday, 28 January 2025 05:53 PM

ආන්ඩුවේ රාජපක්ශ වෛරයෙන් අපිව රවටන්නත් බෑ, අපේ බඩගින්න නිවන්නත් බෑ. අද හෙටම ආණ්ඩුවට එලොව පොල් පෙනෙන දවසක් ඒවි. එදාට ප්‍රමාද වැඩිවේවි

:       2       8

Nandalal de Silva - France Tuesday, 28 January 2025 08:39 PM

සිංහල සහ හින්දු අළුත් අවුරුදු අත ළග එන මෙ මොහොතේ, චාරිත්‍රානුකූල කිරිබත් පිලියෙල කිරීමට සහල් නැත ... ලුණු නැත ... දැන් එලොව පොල් පෙනෙන තරමටම පොල් මිලත් ඉහළ ගොස් ඇත ... "දැන් ඔබට ෂැපද" කියා පාර්ලිමේන්තුවේදී අහන්න නාකි මයිනාත් එහි නැත. අළුත් අවුරුදු නැකැත් වෙලාවේ කෑමට කිරිබත් අහොසි කලෙ ඇමතිවරයාගේ "පොල් සුරැකීමේ" නියොගයක් මතද කියා අහන්න මාළිමාවට ජන්දය දුන් අයට අහන්න සාධාරණ අයිතියක් තිබෙනවා...

:       3       5

Srinath priyantha karunarathna Tuesday, 28 January 2025 08:48 PM

පසුගිය අවුරුදු 2k ඇතුලත සියලුම භාණ්ඩ වල මිල 300% සිට 400% දක්වා ඉහළ දැම්මා ,,හැබැයි දේශීය නිෂ්පාදන වල කිසිම වැඩි වීමක් උනේ නෑ ,අපේ ගොවියා තවත් දුප්පත් වුණා ,,දැන් තමයි නියම මිල ඇවිල්ල තියෙන්නේ දේශීය නිෂ්පාදන වලට

:       2       3

Meththa Tuesday, 28 January 2025 11:29 PM

ඇවිල්ලා ඇවිල්ලා මාලිමා පුනරුදය ඇවිල්ලා. ජෙබයියෝ බත් කන්නේ නැති හින්දා හාල් පොල් ගාන ගියාට කමක් නැහැ.

:       2       6

සිංහල නිංජා Wednesday, 29 January 2025 01:52 AM

හාල් නැ. පෝල් ගන්න බැ . පඩිය 2019 පස්සේ වැඩි වෙලා නැ. බයිල අහල එපා වෙිලා. සිංහලයින්ට අබ සරනයි

:       1       6

අජිත් Wednesday, 29 January 2025 10:41 AM

රට හදනව නම් අපි පොල් නැතුව උනත් කන්නම්.

:       2       8

Ashen Wednesday, 29 January 2025 02:30 PM

තව දෙතුන් දෙනෙක් බොරුවට ඇතුළට දාලා ගව සම්පත චූන් කරපුවාම මේ ඔක්කොම ප්‍රශ්න අමතකයි

:       2       3

Weere Wednesday, 29 January 2025 02:39 PM

පොල් මිල ඉහළ යාම කව්රු මොනවා කිව්වත් මූලික හේතුව රිලවුන් නිසා තමයි මොකද අපි කඩෙන් පොල් ගන්නේ නැතුව හිටියා දෑන් ගන්න වෙලා තියෙන්නේ අපේ පොල් ගස් වල පොල් මල් කනව පොල් ඇට්ටි කනව පොල් විතරක් නෙවෙයි කෙසෙල් වගාව ද ගස්ලබු කොස් ගස් වල සියලු පළ කනව මම නුවර තෙල්දෙණිය මෙකට එකම රිලවුන් ටික අයින් කරන්න

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1860 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 587 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 677 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site