IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


එළවලු දන්සලක් පන්නිපිටියේ

(කේ බුද්ධික කුමාරසිරි)

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ "එළවළු දන්සැලක්" මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන  ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා තෙවෙනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි.

දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය අයිනේ ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරය ද දක්නට ලැබුණි.

කොවිඩ් වසංගත සමයේදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමැති එළවළු තොගයක් හෝමාගම ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමත් පසුව වසර දෙකකට පමණ පෙර කොට්ටාව ප්‍රදේශයේ දී අට දහසකට ආසන්න ජනතාවක් වෙනුවෙන් ඒ ආකාරයෙන්ම එළවළු පරිත්‍යාග කිරීම සිදු කර තිබුණි

මහා සංඝරත්නයේ ආශිර්වාද මත සවස 4 ට පමණ දන්සැලෙහි කටයුතු ආරම්භ කල අතර එළවළු ලබා ගැනීම සදහා එදන්සල පැවැත්වෙන ස්ථානයට ජනතාව දහවල් 11 සිටම පැමිණ පෙළ ගැසී සිටි ආකාරයක් දක්නට ලැබුණු අතර මධ්‍යම රාත්‍රි වනතුරුත් මෙම එළවළු දන්සැල පවත්වන බව ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා පැවසීය.

මෙහිදී එක් අයෙකුට එළවළු වර්ග 16 ක් අඩංගු පාර්සලයක් ලබා දීමට කටයුතු කල බවත් දන්සැල සදහා රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වැය වෙන්නට ඇති බවට තමන් සිතන බවත් ඒ පිළිබදව වැය වූ මුදල ගණනය කල නොකල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ආරාධිතයින් රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ

 



අදහස් (4)

එළවලු දන්සලක් පන්නිපිටියේ

Perera Thursday, 09 May 2024 12:33 AM

ඕකට මොකද නම් දරාපු අපරාධකාරයෙකුව සම්බන්ධ කරගත්තේ ?

:       5       6

R.DThilakarathne Thursday, 09 May 2024 05:26 AM

ඔබට ජය

:       0       9

Lalla Thursday, 09 May 2024 09:45 AM

කිසිවෙකුට කිසිම දෙයක් නොමිලේ දිය යුතු නෑ. හිඟන මානසිකත්වය නැතිකිරීම සියල්ලටම වඩා වැදගත්. පින් පිණිස කියල කරන දේවල් බොහෝවිට අපතේ යනව.ඒක අපරාධයක්.මේ දෙන දේ ගන්න කාලය වැයකර පෝලිම්වල ලගින අය ගැන වෙනම සමීක්ෂණයක් කරල බලන්න. තත්ත්වය තේරෙයි.

:       4       5

ගමේ එකාලා Thursday, 09 May 2024 02:43 PM

දුෂ්කර ගම් පළාත්වල එදා වේලවත් හොයා ගන්ඩ බැරි, කන්ඩ බොන්ඩ නැති අසරණ පවුල් ඕනෑතරම් ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 526 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 430 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3661 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 376 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1811 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 1614 2

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 806 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2358 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2022 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site