IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින්  අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.‍

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.


  



අදහස් (14)

එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට

යෝගා ඩෝබි Friday, 04 July 2025 10:46 AM

රට කාපු තක්කඩි හොරු. මුං හැමදාම ඉන්න ඕන හිරේ.

:       37       69

මහසෙන් Friday, 04 July 2025 11:08 AM

අසීමිත ලෙස හොරා කාපු කෙනෙක් තමා. දඩුවම් ලැබෙන්න ඕනෑ. හැබැයි දැන් දවස් දෙකකට වගේ පෙර ලාල් කාන්ත කොහොම ද කීවේ මෙයාව ගන්නා බව... තිර නාටක අනුවද යන්නේ?

:       6       50

අරවින්ද මොණරවිල Friday, 04 July 2025 11:52 AM

ගුණේ අයියා, යෝගා... සහ තවත් එකි නොකි අය එන්න, බඩ ඉරිඟු ගෙදර අරන් ගියේ නැහැනේ ජනතාවට බෙදුවානේ කියමින් චන්ද්‍රසේන සෑර්ගේ රෙදි අපුල්ලන...!

:       26       30

මොණරවිල ඩෝබි. Friday, 04 July 2025 12:10 PM

අපේ ආණ්ඩුවකින් බෙදලා දෙන්නේ හිතවතුන්ට විතරක් නෙමෙයි. හැබයි මුලින්ම දෙන්නේ පරණ සහෝදරයින්ට...

:       12       34

විපරමා Friday, 04 July 2025 01:55 PM

අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ උන්නෙ එකෙකුට එකෙක් දෙවැනි නැති හොර දූෂිතයෝ?

:       0       0

rranjith Friday, 04 July 2025 02:05 PM

රට බංකොළොත් කරලා රටේ මිනිස්සු දුක් විඳින්නේ මේ අය කළ ජරා වැඩනිසා... මොවුන්ට උපරිම දඬුවම් දෙන්න.

:       1       17

Bunny Preena Friday, 04 July 2025 02:14 PM

මල්ලියි සහ නෝනා ඉන්න තැනට යන්න අවස්ථාවක් උදා වෙන්නයි යන්නේ. සතුටු වෙන්න. සැමියයි, බිරිඳයි දුක සැප බෙදා ගෙන ඉන්න හොඳ ස්වර්ණමය දුලබ අවස්ථාවක් ඔබතුමාට හම්බ වෙන්න යන්නේ.

:       2       17

Nandalal DE SILVA - France Friday, 04 July 2025 02:25 PM

බඩඉරිඟු බීජ ඇටෙනුත් ගහගෙන කාපු හොර හැත්ත... පොළව හාරලා හිටවන්න ඕනෑ බෙල්ල දක්වාම...!

:       1       20

prasanna Friday, 04 July 2025 02:43 PM

මෙම නාටකය අවුරුදු 5 කට අධික කාලයක් පෙන්වනවා . මාලිමා ටෙලි පෙරහර. නමුත් මෙම නාට්‍ය මාලාව බලන්නේ 3% ප්‍රේක්ෂක පිරිසක් පමණි.

:       11       28

Oscar Friday, 04 July 2025 03:08 PM

රිදී තිරයේ: සිරි ලිය" චිත්‍රපටිය ලඟදීම බලාපොරොත්තු වන්න අධ්‍යක්ෂණය කළේ: එස්. අබේසේකර

:       19       7

දලුවගෙදර Friday, 04 July 2025 03:41 PM

ලැජ්ජ නැති හොරුන්ටත් සහයට තවමත් කමෙන්ට් ලියන මිනිස්සු ගැන හිරිකිත නැද්ද?

:       7       12

සෙනෙවිරත්න Friday, 04 July 2025 03:51 PM

කොටින් මාවිල් ආරු සොරොව්ව වහල ගොවියන්ගෙ වගාවන් පාළු කලා, ඒවට දෙන වන්දි වලින් ගසා කාපු කොටියන්ටත් වඩා අන්ත ජරා සතෙක්, ඒ චොදනා වලින් මෙයාව බේරගත්තෙ මහින්ද රට ජාතිය ඉදිරියට දාල, ඇමතිකම් දුන්නෙ ගෙදරට ඇවිත්, එහෙමයි ඒ කාලෙ, දැන් සුනඛය ගාණට වැටිල, කරපු පව් විඳවපල්ල, උඹල තමයි රටත් ජනතාවත් දුප්පත් කලේ, දැන් පලිගන්නව කියල කියන උන් මේවට හවුල් ඇති.

:       1       9

රනේ Friday, 04 July 2025 04:44 PM

පරණ කැබිනට් එක හිරගෙදර හදාගන්න වාසනාව ලැබේවා..!

:       1       9

Nishan Sunday, 06 July 2025 06:17 AM

මෙච්චර ගැඹුරට ඉතා සියුම් දේවලුත් හොයන අල්ලස් හා දූෂණ කොමිසමට අර මහා විශාලා රතු ලේබල් කන්ටේනර් 323 ක් හොරෙන් පන්නපු සිද්ධිය පේන්නේ නැත්තේ ඇයි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site