(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යා යුතු බවට මේ වන විට පක්ෂය ඒකමතික තීරණයක් ගෙන තිබෙන බවද එජාප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වජිර අබෙිවර්ධන මහතා මේ බව සඳහන් කළේ නව වසරේ ගාල්ල එජාප කාර්යාලයේ වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.
රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා තරම් පාර්ලිමේන්තු යාමට සුදුස්සෙක් තවත් නැතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැම අවස්ථාවකදීම රටට කිසිම හානියක් නොකළ ඉතිහාසයක් තිබෙන බව කී අබේවර්ධන මහතා වර්තමාන ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා බව සඳහන් කළේය.
COMMENTS
රට ගොඩගන්න එක කොහොම වුණත් මිනිහා නම් ගොඩ ගියා.
කවුරු මොනව කීවත් මේක තමයි හරි තීරණය. අද වනවිට රනිල් පාර්ලිමේන්තුවට අවශ්‍යම පුද්ගලයෙක්. ඔහු ලඟ වැරදි ඇති, දුර්වල කම් ඇති, ඔහු නිහඬ නායකයෙක්. ඔහුගේ නිහඬ බව මේ වන විට අපට යමක් වියන්ගයෙන් පවසා සිටිනවා. ඔහුට සම කල හැකි දේශපාලකයෙක් අද මේ රටේ නැහැ. එතුමාට මඩ ගහන්නට කවුරු උත්සාහ කලත් ඒ කිසිම උත්සාහයක් කවදාවත් සාර්ථක වුණේ නැහැ. ඇත්ත, ඔහු ඡන්ද වලින් පැරදුනා එක සත්‍යයක් . ඔහුගේ දේශපාලන තුරුම්පු සමහරක් අසාර්ථක වුණා, එකත් සත්යයක් වෙන්න පුලවන්. නමුත් අද වන විට සැබවින්ම පැරදිලා ඉන්නේ කවුද ? අපි. අපි. සාකල්පයෙන්ම අපි. රනිල් කියන්නේ හිටගත් විට ලෝකයක් අත්පොලසන් දෙන නායකයෙක්.
රටට නිදහස ලැබීමෙන් පසු ඉපිද පස් වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා වීමෙන් පසුවය.
රජුන් තනන්කු බව කියන්නවු මංගල සමරවීරගේ මාධ්‍ය සාකච්ඡාවට පිළිතුරක් දීමට අවශ්‍යව ඇත
නැවතත් සාදරයෙන් පිළිගන්නවා
ඒ පාර ආයෙත් මළ ජූලියක්ද? නැතිනම් කළු ජූලියක්ද?
ගෙදරට වෙලා ඉන්න දැන් ඇති හොඳටම ඔයා හොඳ මහත්මයෙක් නමුත් හොඳ නායකයෙක් නෙමෙයි