IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාපයට නව උප සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී නවීන් දිසානායක මහතාගේ පත්වීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

නවීන් දිසානායක මහතා මීට ඉහතදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ අතර පසුව එයින් ඉල්ලා අස්විය.

ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද දරා ඇති නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ රජය සමයේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයද දැරීය.



අදහස් (16)

එජාපයට නව උප සභාපතිවරයෙක්

Srinath priyantha karunarathna Friday, 14 February 2025 09:56 PM

පුළුවන් නම් පක්ෂනායකකම අරන් පෙන්වන්න. මැරෙනකම් දෙන්නේ නෑ ලොක්කා.

:       3       4

Lalla Saturday, 15 February 2025 12:01 AM

කමකට නැති හිස් මිනිස්සු. රටට කිසිම දැනෙන සේවයක් කළ අයෙක් නොවේ. පියා හම්බ කළ මුදලින් යැපෙන නිකම්ම නිකම් චරිතයක්...

:       4       2

chandima Saturday, 15 February 2025 12:22 AM

කරූ ජයසූරියගෙන් පස්සේ බෑනට දීලා වගේ ඒ තනතුර...

:       3       1

රාජේශ් ඛන්නා Saturday, 15 February 2025 03:56 AM

සත්‍යයෙන් රට ගොඩ ගැනීමට සිටින ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයා ඔබයි...

:       0       2

ranjith Saturday, 15 February 2025 04:05 AM

කවදාවත් ඡන්දයකින් දිනාගන්න බැරි නායකයෙකුට එකතු වෙන්නේ බංකොළොත් සෙට් එකම තමයි.

:       4       3

වික්‍රම විදුර Saturday, 15 February 2025 07:57 AM

රටට කිසි වැඩක් නැති එකේ වංසෙ කබල් ගගා ඉන්නෙ නැතුව වැඩක් පලක් කරලා කීයක් හරි හොයාගනිල්ලා කුලියක් මලියක් කරලා.. මිනිස්සු කොටව කොටවා ජීවත් වෙන්නෙ නැතුව. ඔය කරුම පක්ෂෙ තහනම් කරන්න ඔනා කාලකන්නි...

:       23       34

මහ ලිමා Saturday, 15 February 2025 11:29 AM

පැලවත්තෙන් පඩි අරං කුලියට ලියන විදුර වගේ අයගෙන් ඔයිට වැඩි අදහසක් බලාපොරොත්තු වෙන්න බෑනේ ඉතින්...!

:       1       5

lakmal Saturday, 15 February 2025 09:40 AM

කිසිම වැඩක් නැති කෙනෙක්... තාත්තගේ නම විකුණලා ජීවත් වෙන්නේ. රටට බරක් විතරයි.

:       4       1

UPALI Saturday, 15 February 2025 11:57 AM

ඔළුගෙඩි මාරු කිරීම පටන්ගත්තා වගේ...

:       4       1

Marsipala Saturday, 15 February 2025 01:52 PM

තාත්තා හම්බ කරලා තියපුවා මදිද මන්දා

:       4       1

ranjith Saturday, 15 February 2025 07:46 PM

ඔය ඉන්න කීපදෙනාට මොනවා හරි තනතුරු ටිකක් දුන්නා නම් හරි. හවුලට එන්න කිව්වාට පරදින දිනන්න බැරි ප්‍රකාශයට කවුරුවත් එකතු වේවිද?

:       3       0

ගුණරත්න Saturday, 15 February 2025 08:08 PM

හොඳයි, පරණ එජාපය නැවත හදන්න එකමුතු වෙලා වැඩ කරන්න. මේ කරුම ආණ්ඩුව පන්නලා දාන්න.

:       0       4

Lalla Sunday, 16 February 2025 01:48 AM

පියා මහවැලියෙන් හම්බ කළ ධනයෙන් පිනට ජීවත්වෙන පිං ගොනෙක්...

:       5       0

බී අමරසිංහ Sunday, 16 February 2025 07:59 AM

තව අවුරුද්දක් විතර යනකොට එජාප සෑම සාමාජිකයකුට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු වෙන්න පුළුවන්. ඒකටත් සාමාජිකයෝ මදි වෙන්නත් පුළුවන්

:       1       0

Kamal Koyrala Sunday, 16 February 2025 01:33 PM

නුවරඑළිය වැව පාරේ දාපු චණ්ඩි පාට් සහ විදුලි බල මණ්ඩලය සේවකයන්ට දාපු පාට් දාන්න නම් තියා ගන්න එපා හොදේ

:       5       1

Perera Monday, 17 February 2025 08:19 AM

ගාමිණී දිසානායක කරපුවයින් කාලක් මෙයාට කරන්න බැහැ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31145 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site