එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය යළි එක්විය යුතුය යන යෝජනාව කොළොන්නාව ආසනයේ සජබ සහ එජාප සාමාජිකයන් අද (14දා) ඒකමතකිව සම්මත කරගත්හ.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සංවිධානය කළ කොළොන්නාව එජාප - සජබ හමුවේදී මේ යෝජනාව සම්මත කරගත් අතර මෙය ඉදිරියේ දී මෙම පක්ෂ දෙකේ දුරස්ථභාවය නැති කිරීම වෙනුවෙන් කොළොන්නාව පාක්ෂිකයන්ගේ එකමුතුව පෙන්වීමක් බව එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. මේ අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා පැවසුවේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ප්රජාතන්ත්රවාදී බලවේග විසීරි සිටීමෙන් ප්‍රයෝජනයක් නොවන බවය.
මෙම අවස්ථාවට සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙන්ම ප්‍රදේශයේ එජාප සහ සජබ පාක්ෂිකයන් රැසක් එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වුවමනා කෙනා ආවේ නැත්ද ලාමක ටින් ටින්. පිනා මේ දෙන්නා නැතිව කොහොමද? පොහොට්ටුව වගේ තමයි. එකතුවෙලා හොරා කන්න මිසක්. බලය ඉල්ලන්නේ රට දියුණු කරන්නද? ඔබලා කොහොම ආවත් ජනතාව අයින්කරපු හොරු රෑන. ඒක අමතක කරන්න එපා. මාලිමාවත් එක්ක ජනතාවට මැරෙන තුරාවට ඉන්න පුලුවන්. හොරු නැහැ බොක්ක ලොකු නැහැ. මොන්ගලයෝ නැහැ. තිරිසන්නු නැහැ. පොහොට්ටුවටයි. ලොකු ගේමක් දෙන්න වෙනවා බලය ගන්න නම්. ඒ නිසා හාට් ඇටෑක් හදා ගන්නේ නැතිව තියෙන විදියට කාලා. කලින් වැරැදි වලට උසාවියට පෙනී සිටින්න...
කල් ඉකුත්ව ගිය ආහාර වලට වටිනාකමක් නෑ. අලුත් ආහාරපාන අවශ්‍යයි.
යු එන් පි , ස ජ බ එකතුවෙන එකට වැඩියෙන්ම කැමති ඇත්තේ මැතිවරණ කොමිසම, මොකද ඡන්දයකදී පනහේ සීයේ කෑලී වෙන වෙන ගණන් කර කර ඉන්න එක කරදර නිසා...
පෙරේද මේසෙ යට වැටිච්ච වඩේ කෑල්ලයි ඊයෙ පිලුණු වෙච්ච ලැවරියයි එකතු වෙලා ජාතියට පෝෂණය දෙන්න.
විශිෂ්ටයි
ඔයාලට ආයෙ ජනතාව ඡන්දේ දෙන්නේ නැහැ.