IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


’’එක් චීනයක්’’ වෙනුවෙන් ලංකාව පෙනී සිටිනවා

(අංජුල මහික වීරරත්න)

එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් ලංකා රජය පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවේ චීනයේ බීජිං නුවරදී පැවසීය.

චීන-ලංකා ජනාධිපතිවරුන් දෙදෙනා අතර නිල හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.

මහජන චීන සමූහ ආණ්ඩුවේ ආර්ථික, තාක්ෂණ,කාර්මික,යටිතල පහසුකම් මෙන්ම මානව සංවර්ධනය අතින් අත්කර ගෙන තිබෙන දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින් සතුටට පත් වෙනවා.ද්වි පාර්ශවික සහ බහු පාර්ශ්වික සංසද ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හිදී එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.

චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් වල ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහු පාර්ශවික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

 



අදහස් (9)

’’එක් චීනයක්’’ වෙනුවෙන් ලංකාව පෙනී සිටිනවා

Lalith Thursday, 16 January 2025 12:09 AM

"ගියේ අපිට මොනව හරි ඉල්ලගෙන එන්න. දැන් වෙන්නේ අපේ චන්දේත් චීන්නුන්ට දීලා එන්න. ඔයා සහ ලංකාව පාවිච්චි වෙනවා කියලා හිතෙන්නෙම නැද්ද අනුර? දායක සභාව සාදු කියන්න.."

:       21       17

pj Thursday, 16 January 2025 03:38 AM

සාකච්ඡාවලදි කොන්ද කෙළින් නම් අදහස පළකරන්න පහසු වේවි.....

:       3       6

randika parathpsingha Thursday, 16 January 2025 05:29 AM

"ඩබල් පොකට්, ඩබල් ගේම්. එක ප්‍රතිපත්තියක් නැහැ. අඳින්නේ ඩබල් පොකට්ද, ටයි කෝට්ද? හරි හැටියට කියපන්. කොහොමද හිටපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට මඩ ගහපු හැටි. මුන් කටින්ද පු... ද කතා කරන්නේ

:       25       16

Shelton Thursday, 16 January 2025 06:33 AM

තායිවාන වැසියන් කිසිවිටෙකත් කැමති නෑ කොමියුනිස්ට් චීනය සමග එක්වෙන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන තායිවානය කොමියුනිස්ට් චීනයට වඩා සිය දහස් ගුණයකින් සෑම අංශයකින්ම දියුණු පොහොසත් රටක්.ඔවුන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණික දැනුම චීන කොමියුනිස්ට් වාදීන්ට කිට්ටු වෙන්නවත් බෑ.ඒ දැනුම කොල්ලකන්න ඊට පසු ඒ දැනුමත් උපයෝගී කරගෙන ලෝකයම කොල්ලකන්න කොමියුනිස්ට් චීනා ගේ සැලැස්ම .ලංකාව කියන්නේ කොමියුනිස්ට් චීනාගේ සාක්කුවේ තියෙන රටක්.

:       12       12

Perera Thursday, 16 January 2025 11:02 AM

ඕවා කියලා තායිවානය තරහා කරගන්න එපා

:       5       17

Surain Thursday, 16 January 2025 12:34 PM

කයිය විතරමයි ඩබල් පොකට් මොලේ හිල්

:       10       10

බද්රානි Thursday, 16 January 2025 01:59 PM

පහුගිය සමයේ හොර කල්ලියක ග්‍රහනයේ සිටි සමහරක්ට ඔවුන්, තෙල් ටික, ගෑස් ටික නැතිව පෝලිම් වල සිටි යුගයත් ගෙදරට ගෙනාපු ගෑස් ටැංකිය පුපුරා ගිය බවටත් කිසිම මතකයක් නැතිව වගෙයි... මෙවැනි තත්වයක් උදා වුයේ එවකට සිටි පාලකයින් මේ රටට ලැබුණු ඩොලර් හොරාකා රුපියල් කොළ අච්චු ගසා බෙදා හැරීමෙන් බව මෙතන තප්පුලන අයට අවබෝධයක් නැතිව ඇති... හොරුන්ව ආරක්ෂා කිරීමට හොරු විසින් පත්කළ ජනාධිපති රට විකුණා, දුප්පතාට හැකි තරම් බදු ගසා මේ රටේ හිඟන්නන් සංඛ්‍යාව වැඩි කල බව දැන් අමතකයි වගෙයි... මේ රටේ ජීවත් වෙන්න බැරිව, පිටරටකට පැන ගන්න පාස්පෝර්ට් පෝලිම් වල දින ගණන් ලැග්ග හැටි දැන් අමතක වෙලා...රජාලට ආවඩමින් හතරගාතෙන් වැටී වැඳ වැටෙමින් කුරිරු පාලකයින්ට ආවඩන ජාන තියන එවුන්ට දැන් මාස දෙකක් ඉවසගෙන ඉන්න බැහැ නේද..?

:       2       6

samantha Thursday, 16 January 2025 02:20 PM

මෙහි "එක් චීනයක්" වෙනුවෙන් කිසිම දෙයක් කියලා නෑ.

:       1       0

Kamal Thursday, 16 January 2025 03:31 PM

එක චීනයක් වෙනුවෙන් කයිවාරු ගැසීමට පෙනී සිටිනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1640 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site