(එස්. ඩී. කොඩිකාර )

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය.

එසේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ඩී.වයි. පසිදු පබසර (181) , ඩී.වයි.ඔවිදු ප්‍රභාසර (177) ,ඩී.වයි.ටිනිදු බිම්සර (167) යන තුන් නිවුන් සහොදරයන්ය.

කොටපොළ ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභියාද වන්නේ ඒ අතරින් ලකුණු 181 ලබා ගත් පසිදු පබසර සිසුවා බව ප්‍රාථමික අංශයේ විදුහල්පති තුෂාර මදරසිංහ මහතා පැවසීය.