
(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( මූල්‍ය) සුමිත්‍රා සිල්වා සැකකාරිය ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධියෙ ප්‍රධාන සැකකරු වන ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ,පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අදාළ ගිණුම් ඉවත් කර ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත්කෙරිණි.
සැකකාරියට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලාතේ සංවර්ධන කටයුතු සදහා මධ්‍යම රජයෙන් ලබාදුන් මුදල් ස්ථාවර තැන්පත් ලෙස බැංකුවේ තැබීමෙන් පලාතේ සංවර්ධනය වෙන්නෙ කොහොමද .එම මුදල් එසේ කිරීමෙන් පාඩුවක් වෙනවාද .එහෙම නැත්නම් ප්‍රදේශයේ සංවර්ධනය කටයුතු කිරීමෙන් පාඩුවක් වේද බලනවානම් හොදයි