(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය දුන්නේය.
එම කාරක සභාව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම නාම යෝජනා අනුමත කර ඇත්තේ එහිදීය.
ඒ අනුව, ආර්.එම්. මහින්දදාස රත්නායක මහතා කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමටත්, මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.
එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.
තවද, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස පත් කිරීමට ඉදිරිපත්වූ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර අැත
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභා රැස්වීමට සභානායක අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, ආචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන නීතිඥ දයාසිරි ජයසේකර සහ අධිනීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උසස් කමිටුවෙන් තව ලොක්කන් තුනකට අනුමැතිය