(ඉන්දිකා රාමනායක සහ යොහාන් බාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් පුද්ගලික මෝටර් රථයට අනුරාධපුර ඔහුගේ නිවස ආසන්නයේ දී වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා විසින්. විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය පුද්ගලික මෝටර් රථයෙන් අනුරාධපුර නිවස බලා ගමන් කරමින් ඊයේ (17) රාත්‍රියේ ඔහුගේ නිවස ආසන්නයේ දී මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත .එම වෙඩි ප්‍රහාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැත.
COMMENTS