IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


උදයංග වීරතුංග රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා  තානාපති උදයංග වීරතුංග නමැත්තා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා අද (10) නියෝග කළේය.

මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් හේතූවෙන් සැකකාර උදයංග වීරතුංග නමැත්තා විසින් ප්ලාස්ටික් බටයකින් අසල්වැසි නිවසේ පදිංචි ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තාට ඇන ඇතැයි කියමින් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සැකකාර උදයංග වීරතුංග නැමැත්තා සහ පැමිණිලිකාර ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තා නුගේගොඩ, තලපත්පිටිය, කනත්ත පාරේ එකිනෙක ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් බව දැනුම් දුන්හ.

පහර කෑමට ලක්වු චන්ද්‍රසිරි නමැත්තා විසින් බඳින ලද මායිම් බිත්තියක්  සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා මිරිහාන මූලස්ථාන පොලිසියේ. විවිධ පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ අවධානය යොමු කළ බවත් දැනුම් දුන් පොලිස් නිලධාරීන් එකඟතාවයක් ලබාගෙන මායිම් බිත්තිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දෙපාර්ශවයට දැනුම් දී තිබු බවත් දැනුම් දුන්හ.

 එසේ තිබියදී සැකකරු ඊයේ (09) පෙදෙරේරුවන් ගෙන්වා මායිම් බිත්තිය කඩා සංවර්ධනය කිරීමට යෑමේදී පැමිණිලිකරු නීතිඥ උපදෙස් මත බැල්කනියේ  සිට එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද එසේ සිටියදී සැකකරු මුලින් ගලකින් පහර දී ඇතත් එහි ඉලක්කය වැරදි ගොස් ඇතැයිද පසුව ඔහු අඩි 12 ක් පමණ දිග ප්ලාස්ටික් බටයක් ගෙන ඉන් පැමිණිලිකරුට ඇන ඇතැයිද දැනුම් දුන් පොලිසිය එම පහරින් පුද්ගලයාගේ වම් ඇසට යටින් විශාල තුවාලයක් වී ඇතැයිද දැනුම් දුන්හ.

එම තුවාලයට මැහුම් පහක් යොදා ඇතැයිද තුවාලකරු මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 11 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද දැනුම් දුන් පොලිසිය පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම, සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින වාර්තා කිරීමට පොලිසියට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන මූලස්ථාන පොලිසිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වි. කුලරත්න බණ්ඩාර, සැරයන් 7481 කීර්ති යන නිලධාරීන් පෙනී සිටියහ



අදහස් (5)

උදයංග වීරතුංග රිමාන්ඩ්

Madusankha Friday, 10 January 2025 06:38 PM

කාලය රන් හා සමාන නම් පැමිණිල්ලක් ලැබුණාම එතැනට ගොස් විමර්ශනයක් කරලා වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? තාක්ෂණය දියුණුව පවතින මේ කාලයේ කට වචනයෙන් ගන්නා ශාක්ෂි මුද්‍රණය කර ගන්න පුළුවන් එම ස්ථානයේ ඡායාරූප ගන්න පුළුවන්. කාලයත් ඉතිරි වෙනවා රිමාන්ඩ් කළ අය පෝශණය කරන්න යන වියදමත් ඉතිරිවෙනවා... අදහස වැරැදි නම් පැහැදිලි කරන්න...

:       3       21

පිටිගල මිලානෝ Friday, 10 January 2025 06:40 PM

අනිත් නෑයෝ ළඟම එනවා…. එතකන් අල්ලගෙන ඉන්න. ගුඩ් ලක්...!

:       48       40

fairoos Saturday, 11 January 2025 10:57 AM

මිග් යානා ගනුදෙනු නඩුව නිදහස්ද?

:       0       2

වෑල්ඩින් ආචාරියා Saturday, 11 January 2025 12:10 PM

කප්පම් ගන්න ගිහින් මාට්‍ටු වෙච්ච මාලිමා ආචාරියයි කසිප්පු කාරයයි ගන්නේ කවද්ද? සතොස හාල් ටෙන්ඩර් 4 ම කැන්සල් කරගෙන හාල්වලින් කිලෝ එකකින් රුපියල් 40 ගානේ මාටියා ගහලා හාල් ටොන් 70,000කින් කෝටි 280ක් මාටියා ගහන ඇමතියා ගන්නේ කවද්ද? හිටපු අය නෙමේ මොවුන් තමයි හොරු...

:       8       5

ජිල්බු Saturday, 11 January 2025 01:24 PM

මෙච්චර විස්තර තියාගෙන නඩු දැම්මොත් දිනුම් තමයි. දාන්න නඩුවක් බලන්නත් එක්ක.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2129 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 497 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 751 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1050 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 602 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 380 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 372 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site