IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප

(උපාලි ආනන්ද සහ අනුරාධපුර බී.ජී. චතුරංග)

අධිකරණ නියෝගයකින් අනුරාධපුර 'යෙහෙළිය' ළමා නිවාසය රඳවා සිටි වයස අවුරුදු 18 ට අඩු දැරියක  අනුරාධපුර 'අවන්තිදේවී' ළමා නිවාසයට, නීති විරෝධී ලෙස රැගෙන විත් අරක්කැමි සේවයේ යොදවා කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උතුරු මැද පළාත් හිටපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා කොමසාරිස් වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීවරි වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීරයක් දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 

නීතිපතිවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළේ වත්මන් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනී අමරා ශ්‍රීයානි යන සැකකරුවන්ය.

(ඡායා උපුල් හේරත්)



අදහස් (5)

උතුරු මැද හිටපු පරිවාස කොමසාරිස්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිට ඇප

Sk Thursday, 27 February 2025 06:52 PM

පුදුම රජයේ නිලධාරින්..!

:       0       12

Lalla Thursday, 27 February 2025 09:11 PM

ඔය තරම් වරදකට චෝදනාවලට ලක්වූ රාජ්‍ය නිලධාරියා උසස් වීමක් ලැබූයේ කෙසේද? රාජ්‍ය පරිපාලන සේවය හෑල්ලුවට ලක්කිරීම සාධාරණීකරනය කළ හැකිද? කළ වරද නොසලකා උසස් වීම් දෙන්න පරිපාලන සේවයට හැකිද?

:       1       13

ශාන් Friday, 28 February 2025 05:58 AM

වැටත් නියරත් ගොයම කා නම් කාට පවසම් ඒ අමාරුව. මේ නිළධාරීන්ව නේද මේ ළමයින්ව බලාගන්න හදාවඩා ගන්න වගකිය යුතු අය. මේ වගේ අඩන්තේට්ටම් වලින් ළමයින් බේරගන්න ඉන්නේ?

:       0       0

Nimal 1 Friday, 28 February 2025 12:36 PM

මෙච්චර හපන්කමක් කරලා මුහුණ පෙන්නන්න ලැජ්ජයිද?

:       0       0

Ananda Weearasingha Friday, 28 February 2025 02:30 PM

ජ්‍යේෂ්ඨ පරිවාස නිලධාරින් කියන්නේ ලූලා නැති වලට පණ්ඩිතයා වෙන අයනේ පරිවාස නිලධාරි පත්වීමක් ගන්නවා. කාලය ගෙවී යන්නේ මුල්ම පුහුණුවෙන් පස්සේ... කිසිම පුහුණුවක් නැතුවාම තමයි. අන්තිමේ මුලින් හිටපුකෙනා විශ්‍රාම ගියාම එතැන්සිට එයා තමයි ජ්‍යේෂ්ඨ නිලධාරි වෙන්නේ කිසිම විභාගයක් ලියන්නෙත් නැහැ. එහෙම අය දෙන ලණු ගිලින ආයතන සංග්‍රහ, රෙගුලාසි හා සම්බන්ධ චක්‍රලේඛ මුදල් රෙගුලාසි හා ඒවාට සම්බන්ධ චක්‍රලේඛ ගැන අවබෝධයක් නැති නිලධාරි නොදන්නා කමට අමාරුවේ වැටෙනවා. වර්තමානයේ සමහරක් උසස් නිලධාරින් අනුන්ගෙන් උපදෙස් ගන්න මැලිකමත් මෙහෙම වෙන්න හේතුවක් වෙනවා. කොටින්ම කිව්වොත් නුසුදුසු කෙනෙකුට නුසුදුසු තනතුරක් දීලා එයාගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් කොමසාරිස් අමාරුවේ වැටිලාද කියලා හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site