
(යොහාන් භාසුර)
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
කර්මාන්ත සංවර්ධන හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු පසුගියදා කන්කසන්තුරේ කර්මාන්තපුරය නිරීක්‍ෂණය කළහ.
උතුරු පළාතේ දැනට අක්‍රීයව පවතින රාජ්‍ය ආයතන කීපයක් නැවත සක්‍රීය කිරීමට සහ අක්‍රීයව පවතින සිමෙන්ති කර්මාන්තශලාව ඇතුළු ව්‍යාපෘති කීපයක් එහිදී අමාත්‍යවරු නිරීක්‍ෂණය කළහ.
අලිංකඩ ලුණු කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කළ අමාත්‍යවරු පළමු වරට රාජ්‍ය සංස්ථාවක් හරහා අයඩින් මිශ්‍ර ලුණු නිෂ්පාදනය කිරීමේ තාක්‍ෂණය සමඟ එම කර්මාන්තශාලාව නැවත ආරම්භ කිරීමට උපදෙසස් දුන් අතර කන්කසංතුරේ සහ මාන්කුලම් යෝජිත කර්මාන්ත පුරය සහ පරන්තන් රසායනික ද්‍රව්‍ය කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සඳහා ද මෙහිදී සාකච්ඡා කළහ.
අක්‍රීයව තිබූ ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පදන කටයුතු ද මෙම නිරීක්‍ෂණ චාරිකාව අතරතුරදී නැවත ආරම්භ කිරීම ද කැපී පෙණේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවයි අපේ රටට විවෘත විය යුතුය. බුරන එකා බිරුවදෙන් , අමාත්‍යතුමනි, ඔබලාගේ වැඩ සාර්ථකව කරගෙන යන්න.
ලංකාවේ සක්‍රීය හැලජන, ක්ෂාරීය ලෝහ නිෂ්පාදනය මෙච්චර කල් උතුරේ දකුණේ නිෂ්පාදනය නොකරපු හින්දා රටින් එලියට ඩොලර් බිලියන ගානක් ගිය එක නවතිනවා. රසායනික නිෂ්පාදනය කර්මාන්තයට හොද අනාගතයක්.
හැමදාම නිරීක්ෂණ චාරිකා විතරයි, සැලසුම් නම් ඉතින් ඡන්ද ඉල්ලන කාලේ ඉඳලම හදපු සැලසුම් තියෙනවා, එත් වැඩ නම් බින්දුවයි. අර වී ගබඩා හදල වී කොපමණ දැන් එක්රැස් කරගෙන තියෙනවද?
වැඩ ටික හොදින් හරියට කරන්න. රටට ඕනේ එච්චරයි.