
(ෂේන් සෙනෙවිරත්න, ජේ.එල්.ඒ ජයසිංහ සහ යොහාන් බාසුර)
මහනුවර - කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානයට ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබේ.
මෙම ගිලා බැසීම හේතුවෙන් නුවර කොළඹ නගරාන්තර දුම්රිය ඇතුළු සියලු දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය වෙත ළඟා වීම දින ගණනාවකට පමා විය හැකි බව මහනුවර දුම්රිය ස්ථානය කියයි.
මහනුවර බලා ධාවනය වන දුම්රියන් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරනු ලබන අතර බදුල්ල බලා ධාවනය වන දුම්රියන් බාධාවකින් තොරව ධාවනය වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් හැර දාපු පැරණි ලිඳක් වාගේ පේන්නේ."
ඉංග්රීසි දැක්කා නම් කොහෙන් හිනා වෙයිද? අවුරුදු 100-200ක් ඉංග්රීසි රෙල් පිලි ආශ්රිත පාලම් වුනත් තාම පිලිසකර කරලා නෑ.