( ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) උදෑසන විශාල ගසක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි .
පවතින අධික සුලං තත්ත්වයත් සමග මෙසේ දුම්රිය මාර්ගයට ඉහළින් පිහිටි විශාල ගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අබේවෙල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .
නමුත් බදුල්ල සිට කොළඹ කොටුව සහ මහනුවර බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කල බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් ද නියමිත වේලාවට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් පැවසීය .
බදුල්ල සිට අද (25) අලුයම 5.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම ක හටගත් හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් එම දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයට පැමින යලි බදුල්ල බලා ධාවනය කර එම එංජිම පිළිසකර කිරිමෙන් අනතුරුව ප්‍රමාද වී යලි බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා