
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙසේ දුම්රිය මාර්ගය ට පස්කන්ද කඩා වැටිම නිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට කොටගල දුම්රිය ස්ථානයේ සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ඉවත් කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිටත් කර යවා ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උඩරට දුම්රිය ධාවනයට බාධා