(යොහාන් භාසුර)
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පැවසීය.
යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා එසේ පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
185
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2068
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊ.පී.එෆ් පොලිය ඉහළ දමයි
Banda Sunday, 28 April 2024 07:46 PM
බොලා හිතන් ඉන්නේ EPF පොලිය වැඩි කළාම අපි ඡන්දේ දෙයි කියලාද? ඒ ගොනා වික්කා...
MalikaMonday, 29 April 2024 06:29 AM
හරියට හරි. ඉස්සර ඒ සල්ලිත් හොරා කෑවා. ඡන්දෙ ලං වුණාම උණුවෙන හදවත් මුන්ට තියෙන්නේ. ගහනවා ඔක්කෝම තුරුම්පු. මුන් දින්නොත් මේවා මාස හයෙන් ආපස්සට ගන්නවා මහා භාණ්ඩාගාරය හිස් කියලා.
Ajith Monday, 29 April 2024 05:49 AM
තව මොනවා මොනවා හරි අපෙන් උදුරාගෙන ඡන්දෙ ළඟ නිසා සහනාධාරයක් දෙයි. මුන් හිතන්නේ මේ පාර අපි රැවටෙයි කියලා
දමින්ද Monday, 29 April 2024 07:52 AM
ඡන්දෙට බරටම වැඩ වගේ. තුන්වේල කන්න නැතිවෙන්න බදු ගහලා ඊපීඑෆ් වැඩිකලාම හරිද?
Jaya Monday, 29 April 2024 08:54 AM
හොඳයි නේ. 30% භාණ්ඩාගාර බිල්පත් අරන් අපිට 13% දුන්නම
sam Monday, 29 April 2024 12:05 PM
ජනතාවනේ අහුවෙන්න එපා.මේක චන්ද ගුන්ඩුවක්.චන්දෙ ගන්න ඕනිම බොරුවක් කියන දේශපාලුවෝ ඉන්න එකම රට
kamal Monday, 29 April 2024 12:45 PM
ජෙප්පන්ට මොනම දෙයක්වත් කරගන්න බෑ. විවේචන පමණයි. රනිල්ට ජය..!
සෙනෙවිරත්න Monday, 29 April 2024 01:48 PM
කමල්, ජෙප්පන්ට විතරක් නෙවෙයි ඔය අරමුදලෙ දායකත්වය, සහ රජයෙ අමන වැඩ නිසා අසාධාරණකම් උනේ, ජෙප්පො කෑගහල ගන්න ඒව හැමෝටම. මෙතන රජයට බැනපු සේරම ජෙප්පො නම් මම හරිිම කැමතියි .