
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතර වන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාල රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා ලබන 14 දා තෙක් වෙබ් සබැදිය විවෘත බව කාර්යංශය කියයි.
ඒ අනුව විදුලි පේනු සවි කිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්,සෙරමික් ටයිල් අතුරන්නන්, කපරාදු යන රැකියා සඳහා අයැදුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මේ ක්ෂේත්‍ර යටතේ අයැදුම්කරුවන් 1500 ක් බඳවා ගැනීමට නියමිතය. රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවේ.
වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.
මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන වලදී අයැදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලැබේ. ඉන් සමත්වන අයැදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ලැබේ.
මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීති විරෝධී බවත් කාර්යාංශය සඳහන් කරයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල් රැකියා වලට වෙබ් අඩවියෙන් අයැදුම් කරන්න ඉඩ
සෙනෙවිරත්න Thursday, 11 September 2025 06:30 AM
මේක තමයි වෙනස, කලින් කලේ ගමේ ඒජන්තල හරහා ගාණක් ඇමැතිට ගෙවලා , මේ වෙනස පිළිගන්න බැරි උන් තමයි විපක්ෂය උන් බලාගෙන හිටියෙ ඒ මජර ක්‍රමයම ඉදිරියට ගෙනියන්න. ගම්වල ඒජන්තල ඇමැතිල පෝසත් වුණා, ඒ අයට සිරගෙවල් නියමිතයි.
mv chaminda Thursday, 11 September 2025 08:17 AM
හොදයි
Jayalath Thursday, 11 September 2025 05:58 PM
හොදයි..
Rathnayaka mudiyanselage wasantha pushpa kumara bandara Thursday, 11 September 2025 06:52 PM
හොදයි...
විජේතුංග මුදියන්සේලාගේ තිලක් කුමාර Thursday, 11 September 2025 09:55 PM
ඇත්තටම මේ ක්‍රමය හොදයි.
විජේතුංග මුදියන්සේලාගේ තිලක් කුමාර Thursday, 11 September 2025 09:58 PM
හොඳයි.