
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යහතින් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නෙදන්යාහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළේ පසුගිය 28 වැනිදා ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මරා දැමීමෙන් පසුවය.
ඉන්පසු නෙදන්යාහු ප්‍රසිද්ධියේ පෙනී සිට කිසිදු ප්‍රකාශයක් කළේ නැත. ඔහු කළ කිසිදු ප්‍රකාශයක් ඊශ්‍රායල මාධ්‍ය හෝ එරට රජය හෝ ප්‍රසිද්ධ කර නැත.
මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර නෙදන්යාහුගේ කාර්යාලයට ඉරානය පහර දුන් බව වාර්තා වේ. ඉරානය පවසන්නේ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තුවාල ලබන්න හෝ මියයන්න හෝ ඇති බවය.
ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ, නෙදන්යාහු එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් බවත්, ඔහු ජර්මනියට පලා ගොස් ජර්මනියේ ආරක්ෂිතව සිටින බවත්ය.
ඊශ්‍රායල රජය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අංක එකේ ත්රස්තවාදියා , මේ ලෝකෙන් තුරන් වෙනවා කියන්නේ එදාට මුලු ලෝකම උත්සව පැවැත්වෙනවා.
samans, නම බහුවචනයක් සමන්, ලොකුම ත්රස්තවාදියා වෙන රටක් එක්ක පැටලිලා ඉන්නේ.
මුළු මහත් ලෝකයම මවිතයට පත් කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග, මැද පෙරදිග කලාපයේ සිටි අංක එකේ කළු ලොගූ "ආගමික නායකයා" කියා ගත් "කළු කබා, මිනීමරු ත්‍රස්තවාදී පාලක"පංතිය මුලිනුපුටා දැමීමට කටයුතු කළ ඊශ්‍රාලයේ නායක නෙතනියාහුට මෙවැනි ප්‍රහාරයක් එල්ල කරා කියා සිටින ඉරාන යන්ගේ මානසික තත්ත්වය ගැන කවර කතාද? නෙතනියාහු යනු හොඳට ත්රස්තවාදයට එරෙහිව පදම්වී සිටින ලොව ප්රමුඛ පෙලේ නායකයෙකි. ඉරාන මොල්ලාවරුන්ට, ඔහු යුධ වෙදිකා වෙන් ඉවත් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත.