
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ පුද්ගලික ධනස්කන්දය ඇමෙරිකානු ඩොලර් බිලියන 750 ට ආසන්න වී ඇතැයි පැවසෙයි.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 600 කට වැඩි ආදායමක් හිමි ලොව එකම පුද්ගලයා වන්නේද ඊලෝන් මස්ක්ය.
ඊලෝන් මස්ක්ගේ ඇමෙරිකානු ඩොලර් බිලියන 139 ක ටෙස්ලා කොටස් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩෙලවෙයාර් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුව සහ ඩොලර් බිලියන 800 ක වටිනාකමින් යුත් ස්පේස් එක්ස් සමාගම මහජන කොටස් නිකුතුවක් සිදු කිරීමට සුදානම් වන බවට පුවත් වාර්තා වීම හේතුවෙන් ඔහුගේ පුද්ගලික ධනස්කන්දය මෙලෙස විදුලි වේගයෙන් ඉහළ ගොස් ඇත.
ස්පේස් එක්ස් සමාගම පිළිබඳව පළවූ පුවත් හේතුවෙන් පසුගිය සතියේදී මස්ක්ගේ ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 168 කින් වැඩිවී බිලියන 677 සීමාවට පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊලෝන් මස්ක් වාර්තාවකට සැරසෙයි
පන්සිළු Sunday, 21 December 2025 05:40 PM
තවත් මදි. මේක තමයි මනුස්සයාගේ තණ්හාව...
ChathuriSunday, 21 December 2025 09:21 PM
පන්සිලු. මේක තන්හාව නෙමේ. තම්න්ගෙ වාසනවා බුද්දිය. තම උත්සහය. ලක්ශ ගානකට රැකියා වරම් ලබාදීලා උතුම් මනුස්සයෙක් මේ. දෙන දෙවියො ලගට ගෙනත් දෙනවා. වංචාවකින් උපයාගත්. ධනයක් නොවෙයි මේ. දෙවියන්ට වගෙ වගෙ තමනට ඕන වේලාවට ඕන දෙයක් කරන්න තරම් මුදල් කන්දරාවක් තියෙනවා. මනුස්ස ආත්මයක ඉපදුනා. දරුවන්ට ආදරේ. ඇති. පින්වන්ත මනුස්සයෙක්. දෙවියෝ නැන නුවන දීලා තියෙනවා. ඕනාවටත් වැඩිය. පෙර පින්. මෙවැනි අයට තන්හාව කියන්න එපා. කොයිතරම් පිනට කන්න දුන්නත්. ඒත් මදි කියන අයට වැඩිය මේ කෙනා කොයිතරම් මුදල් තිබුනත් රැකිවා කරනවා. මේ අය මුදල් ගනන් ගන්නෙ නැහැ. මේවා කවදාහරි දුප්පත් දරුවන්ට තමයි දෙන්නෙ.
ගුණරත්න Monday, 22 December 2025 10:22 AM
ඔහොම හිතල තමයි මේ රට හිඟමනට වැටුනේ.
අබා Sunday, 21 December 2025 08:33 PM
සජියා ගිහිං ටිකක් හිගාකාාලා ඉල්ලන් ඒන්නකො
Nipuna Monday, 22 December 2025 11:57 AM
දැන් ලෝකෙ තියෙන ප්‍රවණතාව අනුව ධනවතා තව තවත් ධනවත් වෙයි. කෘතිම බුද්ධිය පාවිච්චි කරලා සාමාන්‍ය සේවක කප්පාදුව තවත් වැඩි වෙනවා. රැකියා කරන සුළු ආදායමක් ඇති බහුතරයගේ ආදායම තවතවත් අඩුවෙද්දි ලෝකෙ ප්‍රකෝටිපතියෝ තව තවත් දියුණු වෙනවා. කෘතිම බුද්ධියෙන් මේක තවත් වේගවත් වෙන එක විතරයි වෙන්නේ...
M. H. Mohan Mangala Monday, 22 December 2025 12:35 PM
මට තරම් සල්ලි නෑ.