
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම පුලිච්චාකුලම ප්‍රාදේශයෙ ඉස්සන් ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු ඉස්සන් ටැංකියකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වව්නියාව විශ්වමඩු සුන්දිමඩු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු වන වසන්තම් දර්ශන් නැමති අයෙකු බව කියයි.
මෙම තරුණයා පුලිච්චාකුලම ඉස්සන් ගොවිපලේ කම්කරුවෙකු ලෙස කලක් සේවය කර ඇති බව කියයි.
මෙම තරුණයා අපස්මාර රෝගීයකු බවත් 19 දින ඉස්සන් සදහා ආහාර ලබා දීමට යාමේදි අඩි තුනක් පමණ ගැඹුරු ටැංකියට ඇද වැටි ඇත්තේද අපස්මාර රෝගී තත්වයක් හදිසියේ ඇති විමේන් බවට පොලිසිය මේ වන විට සිදුකල පරික්ෂණ වලින් අනාවර වී ඇතැයි කියයි.
මෙම තරුණයා ඉස්සන් ටැංකියට වැටෙනු කිසිවෙක් දැක නැති බවත් ඔහු ඉස්සන් ගොවිපල තුළ නොමැති විම නිසා සොයා බලමින් සිටියදි ඉස්සන් ටැංකියෙ ඔහුගේ සිරුර තිබු සොයා ගත් බව කියයි.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉස්සන් ටැංකියට වැටී තරුණයා මරුට
Bunny Preena Tuesday, 21 October 2025 10:59 AM
බොහෝ කනගාටුදායක පුවතක්. ගොවිපොලේ අයට ඔහුගේ රෝගය සම්බන්ධ කියලා නැතුව ඇත්තේ ඔහුට රැකියා අහිමි වෙයි කියන බයට වෙන්න ඕන . හොඳින් ජීවත්වීමට උත්සාහ කළ තරුණයෙකුගේ සෝචනීය අවසානයකි . ඔහුට නිවන් සුඛ පතමි.