(විමුක්ති එස් රොද්‍රිගු)

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ඉරානයේ, සෙම්නාන් පළාතේ, ඇරඩාන් නගරයට නුදුරින් කිලෝ මීටර් 10 ක් භූගතවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය, කිලෝ මීටර් 110 ක් දුරින්, ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ද දැනුණු බව පැවැසෙයි.
ඊශ්‍රායලය සැක පළ කර ඇත්තේ, ඉරානය දෙදෙරා ගිය එම භූමි කම්පාවට හේතුව ඉරාන විප්ලවීය හමුදා, රහසේ භූගතව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් කළ නිසා බවය. ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් යැයි ද ඊශ්‍රායලය වැඩි දුරටත් චෝදනා කර ඇත.
ඉරානය සහ ඇමෙරිකාව අතරේ අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ, රටේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ, ඉරානය ඔවුන්ගේ එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවටය.
මේ අතර පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ‘වරුසාව’ ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඉරානයට ප්‍රහාරයක් එල්ල කර, ඉරාන රෙජීමය අඩපණ කිරීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
Kumar Tuesday, 08 October 2024 09:51 PM
මෙවැනි විශේෂ ප්‍රවෘත්ති අපට දැනගන්න ලැබෙන්නේ ලංකාවේ පුවත්පත්වලින් පමණයි. ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයෙන් වත් මෙවැනි ප්‍රවෘත්තියක් ලැබුණෙත් නෑ. එම සේවය ඉරාන මිසයිල ප්‍රහාරය පටන්ගන්න පැයකට පමණ කළින් නිවේදනය කළා.