IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉරාන තෙල් බෙදූ මෙරට සමාගමකට සම්බාධක

(විමුක්ති එස්.රුද්‍රිගු)

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් "ෂැනන් 2" නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රදේශයේ පිහිටි මැරීන් සොලූෂන් පුද්ගලික සමාගමට මෙන්ම ඉරාන ඉන්ධන ප්‍රවාහනය කළ "ෂැනන් 2" නෞකාවේ ලියාපදිංචි අයිතිකරු වන මාර්ෂල් දූපත්හි ලියාපදිංචි සෙලෙස්ටීට් මැරිටයිම් සමාගමටද ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 13846 සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ 13902 යන විධායක නියෝග යටතේ ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම වැළැක්වීමට මෙලෙස සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ඉරාන තෙල් බෙදූ මෙරට සමාගමකට සම්බාධක

ගුණරත්න Friday, 14 March 2025 11:04 PM

හොඳ වැඩක්, ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන්න හොඳ නැහැ.

:       6       7

රුවන් Saturday, 15 March 2025 11:31 AM

මේ සමාගමත් රාජපක්ෂ ඥතියෙකුගේ කියලා කිව්වත් පුදුම වෙන්නේ නෑ. හැබැයි ඇමරිකාවම හෙට, අනිද්දා බැසිල්-ගෝඨාව අත්අඩංගුවට ගන්නවා.

:       12       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site