
(දයාරත්න ඇඹෝගම)
කල්මුනේ සිට ඉපලෝගම දක්වා ධාවනය වෙමින් තිබු වැන් රථයක් එහි රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකිව ඉපලෝගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක තාප්පයේ ගැටිමෙන් 48 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් 08 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඉපලෝගම පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කාගම පදිංචිව සිටි ජබාර්දීන් අබ්දුල් මුනාෆ්(48) නැමති අයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබු කාන්තාවන් තිදෙනකු සහ කුඩා දරැවකු හා තවත් පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd