
(යොහාන් භාසුර)
ඩීසල් සහ පෙට්‍රල් ඇතුළු සියලුම ඉන්ධන මිල ඉහළ දැමූ බවත් එම නව මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රී නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දැමූ බවත් ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 407 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 478 ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 434 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 285 ක් බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොච්චමක් වැඩිකල් ඉන්ධන.. මේවා ලංකාවට ගන්නේ වෙනත් සක්වලකින්ද? ජාත්‍යන්තර මිල වගේ කීප ගුණයක් ඉහළ...
ලල්ලෝ, ගැහිලිත් එක්කල් නේ...