ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ අද පෙරවරුවේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.

සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක  බව නිල මරණ සංඛ්‍යාව තවත් ඉහළ යමින් පවතී. BNPB ඒජන්සිය පැවසුවේ තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි.

භූමිකම්පාවෙන් සහ ඉන් පසුව ඇති වූ පසු කම්පන ගණනකින් කලාපයේ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇත.

සෙනසුරාදා දේශීය වේලාවෙන් උදෑසන 05:00 ට  ෆ්ලෝරස් දූපතේ භූමිකම්පාව ඇති විය. එය කිලෝමීටර 15 ක ගැඹුරකින් යුක්ත වූ බව ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසීය. සුනාමි තත්වයක් ගැන අනතුරු ඇඟවුවද පසුව එය ඉවත් කර ගත්තේය.