IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය.

ජාතික නාමල් උයන වෙත පැමිණි ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය, ජාතික නාමල් උද්‍යාන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් වෙත පිරිකර පූජා කරමින් උන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දකුණු ආසියාවේ විශාලම රෝස තිරුවානා නිධිය සහිත ජාතික නාමල් උයනේ පාරිසරික වටපිටාව නිරීක්ෂණයකට එක් විය.

ඉන් අනතුරුව ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය, වනවාසී රාහුල හිමියන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

එහිදී ඉන්දිය අගමැති ලෙස අඛණ්ඩව තෙවරක් තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සුභ පැතුම් එක් කරන බව වනවාසී රාහුල හිමියන් එම පිළිඳරේදී කියා සිටියේය, එසේම ඉන්දීය නව අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි මහතා නැවත ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවකදී නාමල් උයන නැරඹීමට පැමිණෙන ලෙස ආරාධනා කර සිටින බව ද උන්වහන්සේ පැවැසූහ. ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව සමාජීය, ආර්ථක හා ආගමික වශයෙන්ද ලංකාවට බොහෝ සෙයින් වැදගත් රටක් බව ද වනවාසී රාහුල හිමියෝ මෙහිදී ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය හමුවේ පැවැසූහ.



අදහස් (2)

ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි

ජයනාත් Tuesday, 18 June 2024 07:42 AM

ඉන්දියාවේ ඊලඟ ගේම... රෝස තිරුවානා නිධියට... බොරු නම් බලන්න තව වැඩිම අවුරුද්ද යි.... ඊට කලින් ජනතාවට තීරණය ක් ගන්න වෙනව..

:       1       11

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 11:08 AM

මෙයාට යන්න ඕන තරම් පන්සල් හා ආගමික සිද්ධස්ථාන තියෙද්දී නාමල් උයනටම ගියේ, රෝස තිරිවාන නිධිය ගැන අම්බානී අදානී හො වෙනයම් ඉන්දියාවේ මුදළාලි කෙනෙක්ට හිතක් පහල වෙලාද කියලා හොයලා බලන්න වෙනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 937 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site