
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් (වෛද්‍ය) සත්‍යාංජල් පාණ්ඩේ මහතා, කථානායක (වෛද්‍ය ) ජගත් වික්‍රමරත්න මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
පාර්ලිමේන්තුවේදී පසුගියදා (01) පැවැති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගි වූවාය
නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සුහද පාර්ලිමේන්තු සබඳතා සහ දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් සහයෝගය සහ මඟපෙන්වීම වෙනුවෙන් කථානායකවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතා සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද ඔහු සිය ස්තුතිය පළ කළේය.
වෛද්‍ය පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සේවය මෙහිදී කථානායකවරයාගේ ඇගයීමට ලක්වූ අතර, අසීරු අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දියානු රජයට සහ ජනතාවට සිය ස්තුතිය පුද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd