
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිසක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
මෙම දූත පිරිසේ ප්‍රධානත්වය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) මහතා විසින් හොබවනු ලබයි .
මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වෙති .
මෙම පිරිස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .






COMMENTS