(නිමන්ති රණසිංහ)
ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප‍්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙරට ධීවර ප‍්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප‍්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීමේ ඇති ප‍්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප‍්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා සදහන් කරයි.
කොවිඞ් වෛරසයේ ප‍්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මත-ුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප‍්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.
ඒ අනුව, ඉන්දියාවේ පැතිර යන මේ නව වයිරස් ප‍්‍රභේදය මෙරට ධීවර ප‍්‍රජාව මගින් අපේ රට තුළට පැමිණීමට ඇති අවධානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සදහන් කියයි.
COMMENTS
ධීවරයන් කියන්නේ පාලනය කිරීමට අසීරු කොට්ඨාශයක්. ඒත්, මෙවර ඒවා හරියන්නේ නැහැ. පොදු මහජන යහපත උදෙසා වැරදි කරන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි.
ඉන්දියානුවෝ සංචාරකයන් ලෙස පිලිගෙන ලංකාවේ නිරෝධායනය වෙලා යුරෝපයට යවනවා මෙයා ධීවරයෝ ගැන බයිලා කියවනවා.
වෙන රටවල් ඉන්දියාවෙන් රටට ඇතුළු විම තහනම් කරලා බයිලා මේවා පැතිරෙන කොට අහිංසක ජනතාවට බෝලේ පාස් කරන්න එපා මහඋන්ගේ වැරදිවලට අපි පලි නැ නේ....
කොරෝනා ප්‍රභේදය මොකක්ද කියල හොයන්නයි මාධ්‍ය නිවේදන ඉදිරපත් කරන්නයි තියෙන උනන්දුව රෝගය පැතිරීම වැළැක්වීමටත් තියෙනවනං කොච්චර හොඳද..
ජපානය ඇප් එකක් දාගන්න තියෙනවා ඒ හරහා තමයි නිරෝධානය කරන්නේ.
දැන්නුවට ස්තුතියි. අපි මොනවහරි කරගන්න බලන්නම්... ඔයගොල්ලන්ව ආරක්ෂා කරගන්න.
ලන්කාවේ මේක හොඳට පාලනය කරන් තිබ්බා. මහ එවුන්ගේ වැරැද්දෙන් තමයි දෙවෙනි පාර වැඩි උනේ. මිනිස්සුන්ට කිසිම පාලනයක් නැතිව ඔහේ එහෙ මෙහෙ යන්න දීලා දැන් මිනිස්සුන්ටම බෝලෙ පාස් කරනවා. අර කොරොනා අස්සේ තමුන්ගෙ චන්දේ වැඩිකරගන්න තොන්ඩමන්ගෙ මිනියත් කිසිම පාලනයක් නැතිව ගෙනාපු අයනේ මේ...මෙයාල විතරක් නෙමෙයි මේ ඉන්න කොයි කවුරුත් ඔහොමයි..
මෙයා තමයි අවුරුදු සමරන්න කිව්වෙත්... සමාජයට පැතිරිලා නැහැලුනේ....
ලෝකයේ සියලු රටවල් ඉන්දියාව සමඟ ගුවන් ගමන් නවතා දමා ඇතත් ලංකාව හා ඉන්දියාව අතර දිනපතා ගුවන් ගමන් ? ඉන්දියානු ලංකාවේ නිරොධායනයට ? බෝට්ටු මගින් ඉන්දියානූවන් රහසෙම ලංකාවට? ඉතින් මෙ අවදානම් තත්වය ඇති වුන විදිය පැහැදිලියි නේද. ධිවරයින්ට වරද පටවන්නේ ඇයි.?
දැනටමත් ව්‍යාප්ත වෙනවා ඇති ,අමුතුවෙන් අවදානමක් නැහැ , මන් දැක්ක අවුරුදු කලෙත් එක ලොකු අයිටි ආයතනක් ඉන්දියන් කට්ටිය එක්ක ෆොටෝස් දානවා සර්පරයිස් විස්ට් කරලා කියල , නිරෝධායන නීති තියෙද්දී කොහොමද ඒ ගොල්ලෝ ලංකාවේ සර්පරයිස් විසිට් කරන්නේ ?
අපිට දාන තරමක් ලෙඩ දාන්නේ ඉන්දියාව. දෙමල්ලු, ත්‍රස්තවාදය, කොලරාව, පළාත්සභා දැන් කොරෝනාව. වටිනාම දෙකට ලැබුනේ බෞද්ධාගම පමණයි. ඉස්කෝලේ යන කාලෙත් ළමයි හැටියට අපි තීරණය කලේ අපට ලැබුන ලොකුම හෙනේ ලංකාව ඉන්දියාව ලඟින් පිහිටීමයි කියලා.
ඇමැතිවරු ඉන්දීයා වලින් කට්ටිය ගෙන්වලා මෙහෙ නිරෝධායනය කරනවා. මෙයාලා ආවා වහන්නේ නැ නිකන් මිනිස්සුන්ට බෝලේ දානවා.
අපිටමයි හොදට කරලා තියෙන්නේ.. රෙදි නැති වෙන්නම තමයි වෙලා තියෙන්නේ. ඒත් තවම කිරිබත් කන්නමයි හිත.
2020 අවුරැද්දේ ඉතාලියේ දවසකට කොවිඩ් ආසාධිතයින් විසිදහක් තිස්දහක් හමුවෙද්දී ලාංකිකයින්ට තමන්ගේ රටට ඒම තහනම් කලා. ගුවන් ගමන් නැවැත්තුවා. නමුත් අද ඉන්දියාවෙන් දවසකට කොවිඩ් ආසාධිතයින් ලක්ෂ ගනන් හමුවෙද්දී තාමත් ඉන්දියානු ජාතිකයින්ට ලංකාවට ඒමට අවසර තියෙනවා. ඇයි මේ වෙනස?. අපේ අයත් අලුත් අවුරැද්ද හොඳට සැමරැවානේ. දැන් ඉල්ලගෙන කාලයි තියෙන්නේ. කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු.
අප්‍රේල් අට වෙනිදා රෝගීන් හම්බවෙලා කරබාගෙන හිටියා.
දැන්ද බොල මතක් වුණේ?
ඔය ඉන්දියන් කොරෝනා ප්‍රභේදය ලංකාවට " ආනයනය " කලේ ආණ්ඩුවේ ගජ මිතුරු සක්කිලි හෝටල් කාරයින්!!! ඉන්දියන් කාරයෝ සහ ඉන්දියන් රජය ලස්සනට " දෙවන වතාවටත් " ශ්‍රී ලංකාව කොරෝනාවෙන් සුකිත මුදිත කළා. දියුණු රටවල නම් මිනීමැරීමේ චේතනාව' යන චෝදනාව යටතේ මෙවැනි අපරාධ වලට " රජයට " විරුද්ධව නඩු පැවරිය හැක. නමුත් නීතියක් නැති රටක...ගෝත්‍රිකයින් සමග නඩු කියනවාට වඩා සාධාරණ ජාත්‍යන්තර අධිකරණයක නඩු පැවරීම හැම අතින්ම උචිතයි. අපේ රට පාලනය කරන හොර මට්ට මෝඩයින්ට මේවා තේරුම් ගැනීමට තරම් මොලයක් කොයින්ද..? ඇත්ත...රෑට රෑට කුකුල් හොරකමේ ගිය හොරු , කෝච්චිවල මාල කඩපු හොරු .. මිනීමරුවෝ...මේවා ගැන දන්නේ කොහොමද?
වයිරසය පැය 6 ක් සුළගේ තියනවනම් ලංකාවට එන්න පුලුවන්
බලලෝබි ,බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. රටට හෙන ගැහුවත් උන් පරම්පරා හත අටකට උනත් ඇති වෙන්ඩ හම්බ කරගෙන තියෙනවා .