IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් පිටමං කළ අපරාධකරු කටුනායකින්

( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ  රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර , ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

46 හැවිරිදි  මෙම පුද්ගලයා රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොහු රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම  , මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී  , මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අවිස්සාවේල්ල , ගල්කිස්ස රත්නපුර සහ තවත්  අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කර තිබුණි .

එහිදී මොහු එම අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා , මොහු යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි .

 

 

 



අදහස් (2)

ඉන්දියාවෙන් පිටමං කළ අපරාධකරු කටුනායකින්

de silva Thursday, 13 February 2025 01:17 PM

රිමාන්ඩ් කරලා ටික දවසක් ඉඳලා ඇප අරන් රට පනිනවා. කරුණාකර මේ අපරාධ කරුවන්ට විරුද්ධව තිබෙන එක නඩුවක් හෝ කඩිනමින් විසඳලා තීන්දුවක් දීලා... සිර දඩුවම් නියම කරන්න... ඊට පස්සේ හිරේ ඉන්න කොට පුළුවන් අනෙක් නඩු විභාග කරන්න. ප්‍රශ්න කරන්න කියලා මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න එපා. එතැන මොවුන්ට සුර සැප, රිමාන්ඩ් එකේ ඉන්න අරින්න ඕනේ ප්‍රශ්න කිරීමක් නිලධාරීන්ට හිර ගෙදරට ඇවිල්ලා කරගන්න කියන්න.

:       0       11

janabala asamagi Thursday, 13 February 2025 01:43 PM

රජයේ ලියාපදිංචි නම් අත්අඩංගුවට ගන්නේ ඇයි ලයිසන් තියෙනවනේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 165 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site