
(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ලබන සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්සියුලින් තොග රට තුළ පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්සියුලින් හිඟයක් පවතින බවත් ජාතික අවශ්‍යතා සපුරාලිය හැක්කේ තවත් දින 10 කට පමණක් බවට සෞඛ්‍ය වෘත්තීය සමිති සිදුකරන ප්‍රචාරවලට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජයතිස්ස මහතා මේ බව කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර මහත්තයෝ. ඔයාගේ ගමේ ඉස්පිරිතාලේ වන පිඹුර මූලික රෝහලෙන් අපේ අගලවත්ත අවට ගම්වල දුප්පත් කීදෙනෙක්ව ඉන්සියුලින් නෑ... පිටින් ගන්න කියලා ඇරියද? රුපියල් 2000ස් ගානක් ඒකට දුන්නු නිසා කන්න නැතුව හිටියා කියලත් දන්නවා. බොරු නම් ඔය පළාතෙන්ම ආපු අනික් මන්ත්‍රීතුමාගෙන් අහන්න.
නම මාරුකරගත්තා නම් හොඳයි ජයතිස්ස වෙනුවට පචතිස්ස කියලා. එක්කෝ මේ මිනිස්සු ජීවත්වෙන්නේ ලංකාවේ නොවෙයි හීනලන්තයක.
මූනේ තියන කෂඩ හිනාව දැක්කම පේනවා අලිම බොරු කාරයෙක් කියලා
රජයේ රෝහල්වල බෙහෙත් නැහැ කියලා ඒවා පිටත විකුණලා අසරණ රෝගීන්ව පිට ඇරින අමනයොත් ඉන්නවා රජයේ රෝහල් වල. ඒවා ගැනත් හොයලා බලන්න අමාත්‍ය තුමෝ.