
QR කේතයට ඉන්ධන ලබා දීමේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ ඉරට්ටේ අනුව හෙට සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ඉරිදා සතියේ පළමු දිනය හැටියට ඔත්තේද? සදුදා ඉරට්ටේද? නැත්නම් කැලැන්ඩරේ ක්‍රමයටද කියලා පැහැදිළි කරන්න..
ඒ කියන්නේ ඉරට්ටේ කෙනෙක් අද පෝලිමේ ඉඳලා තෙල් ගන්ට බැරි වුනොත්, උන්දැට ආයෙත් තෙල් ගන්ට ඉන් අනිද්දා වෙනකම් පෝලිමේ ඉන්න වෙනවා.
ඉන්ධන QR එකෙන් සීමා කරලා තිබෙනවා නම්, ඉරට්තේ, ඔත්තේ ක්‍රමයට බෙදන්නේ කුමටද?
රැස්වීම් තිය තියා මේවාට උපහාසෙන් හිනාවුණු මහත්තෙක් හිටියා. උන්නැහේට ජනාධිපතිකම ලැබුනොත් පෝලිම් හැදෙන්නේ ෆිල්ම් හෝල් ඉස්සරහා කියුවා. ඒකට චූන් වෙලා ඡන්දය දුන්නු අයත් හිටියා. දැන් උනුත් ආපහු ඔත්තේ ඉරට්ටේ පෝලිමේ...
ගුණපාලයව තියන්න ඕන ඔත්තෙටත් නැති, ඉර්ට්ටේටත් නැති පෝලිමක. දෙපැත්තටම නැති බත්කන කෙනෙක්...
කල්පනා කරලා බලන්න. පැනික් වෙන්න එපා. අනියත බියක් ඇති කරගන්න එපා කියලත් කිව්වා...